Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
17 හැවිරිදි නිශානි මාස 5ක් ගමෙන් රැගෙන ගොස් අනියම් සම්බන්ධයක් පැවැත්වූ දෙදරු පියෙක් වූ සංජය, නිශානිගේ පියාගේ මන්නා පහරින් අවසන් ගමන් යයි

- 17 හැවිරිදි නිශානි මාස 5ක් ගමෙන් රැගෙන ගොස් අනියම් සම්බන්ධයක් පැවැත්වූ දෙදරු පියෙක් වූ සංජය, නිශානිගේ පියාගේ මන්නා පහරින් අවසන් ගමන් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,080 Views
"තාත්තලා කලබල වෙන්න එපා. මම දැන් ජිවත් වෙන්නෙ 'එයා' එක්ක.."
"තාත්තේ මම එයාගේ ෆොටෝ එකක් එවනවා.. ඒක.. බලන්නකෝ..."
 
සබරගමු පළාතේ රත්නපුර දිසාවේ නිවිතිගල පොලිස් වසමේ නිවිතිගල කරවිට කුරුඳුකොලණිය ගම සුන්දර ගමක්.
 
තේ වගාවද වෙනත් බෝග වගාවන්ද ගම්මුන්ගේ ජිවනෝපායි. දුෂ්කර පෙදෙසක පිහිටා ඇතත් ගම්වැසියන් ජිවත් වන්නේ බොහෝම සාමකාමීවයි.
 
නිවිතිගල සිට කරවිටට කිලෝමීටර් විස්සකි. එතැන් සිට කුරුඳුකොලණිය ගමට ඇත්තේ ගමට ඇත්තේ කිලෝමීටර් තුනක් පමණයි.

නිවිතිගල කරවිට කුරුඳුකොළණිය ගමේ පදිංචි 39 හැවිරිදි මුදියන්සේලාගේ හීන්බණ්ඩා හෙවත් කමල් තම දියණිය වන 17 හැවිරිදි නිෂානි අනුරුද්ධිකාට දැක්වූයේ දැඩි සෙනෙහසක්.
 
කමල් තම ලොකු මහත් වූ දියණියගේ අධ්‍යාපන කටයුතු ගැනද සොයා බැලුවේ ඇයට හොඳ අනාගතයක් උරුම කරදීම සඳහා යි. කුලී වැඩවල නිරත කමල් දෙදරු පියෙක්.
 
නිෂානි පාසලේ උසස් පෙළ පන්තියේ ඉගැනුම ලැබුවා. යෞවන වියේ පසුවන ඕනෑම කෙනෙකුට ඇතිවන ආදරණීය හැඟීම් නිෂානිට ද ඇතිවීම ස්වභාවිකයි. එහෙත් 'දෛවයේ සරදමකට' මෙන් නිෂානිගේ ආදරය හිමිව තිබුණේ කරවිට කුරුඳුකොළණිය ගමේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වූ සංජයට යි.
 
දෙදරු පියෙකු වූ ඔහු නිෂානිට වඩා අවුරුදු 15කින් පමණ වැඩිමහල් අයකු වුණා.
 
සංජය නිශානිගේ ආදරයෙන් ප්‍රබෝධමත් වන්නට ඇති. නිෂානි සංජය අසම්මත ආදරයට දින සති මාස ගණන් ගෙවි යද්දි මේ කතාව නාමල්ටත් දැනගන්නට ලැබුණා.
 
තම දියණිය ඇයට වඩා වසර පහළොවක් දාසයක් වැඩිමහල් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවාට කැමති කිසිම මවක් පියකු මේ ජන සමාජයේ නැත.
 
ඊටත් දෙදරු පියකු සමඟ තම දියණිය 'අනියම්' සබඳතාවයක් පවත්වනු විඳදරා ගන්නට කිසිම පියෙකුට හෝ මවකට හැකියාවක් නොවේ.
 
නිෂානි කෙරෙහි ඇගේ පියා වන හීන්බණ්ඩා හෙවත් කමල්ටත් ඇතිවන්නට ඇත්තේ ද එවැනි හැඟීම්. නිෂානි - සංජය ආදරයට දින සති මාස ගණන් ගෙවී වසරක් ගතවෙද්දි කමල් ඊට දැඩි ලෙස විරෝධය දැක්වුවා.
 
ඔහු තම දියණිය කැදවා මේ ගැන විමසුවා. නිෂානිත් සංජයත් අතර ඇති පෙම් පලහිලව්ව ඔහුට හොඳින් පැහැදිලි වුණේ මෙලෙස ඒ ගැන විමසද්දි යි.
 
මේ ප්‍රේම සම්බන්ධය නතර කිරීමට කමල් නොගත් උත්සහයක් නැහැ. ඇය දියණියට ඇගේ අනාගතය ගැන සම්පූර්ණයෙන් පහදා දී ඇයත් සංජයත් අතර පවතින අසම්මත ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට උත්සහ කළා. අවවාදයෙන් ඔබ්බට ගිය තරවටුවකට ද නිෂානි ලක්වුණා.
 
මේ අතර කාලයේ සංජය හමුවූ කමල් තම දියණිය සමඟ පවත්වාගෙන යන සම්බන්ධය නතර කරන්නැයි කිහිප වරක්ම ඉල්ලා සිටියා. එහෙත් නිෂානි - සංජය ආදර කැදැල්ල කඩා ඉහිරුණේ නැහැ.
 
ඔහු තම දියණියට බොහෝ උපදෙස් දී ඇය මින් මුදාගැනීමට උත්සහා කළා. එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් වුණේ නිෂානි පියාගේ අවවාද අනුශාසනා තඹ සතේකට මායිම් නොකර සංජය සමඟ හොර රහසේ මේ සම්බන්ධය පවත්වාගෙන ගිය නිසයි.
 
මේ කාලය වන විට සංජයගේ බිරිය දෙවන දරුවාද ප්‍රසූත කර සිටියා. දෙදරු පියෙකු බවට පත්වුවත් සංජයගේ හිත නිෂානිගේ ඉවත්වූයෙත් නැහැ. ස්ථිර රැකියාවක් නොතිබුණු සංජය කුලී වැඩවල නිරත වී කිසියම් මුදලක් දෛනිකව හරි හම්බ කරගත්තා.
 
දෙදරු පියෙකු වූ ඔහුගේ වගකීම් වැඩි වෙද්දි ඔහු තීරණයක් ගත්තා. ඒ නිෂානි සමඟ ගමෙන් පලා යාමටයි.
 
නිෂානි එක්වරම නිවසින් ආ ගිය අතක් නැතිවුණා. කමල්ට සිදු ව ඇති දෙය වැටහුණා. දියණිය නැති සොවින් ඔහු මහත් සේ පීඩා වින්ඳා. දියණිය, සංජය සමඟ පලා යන්නට ඇතැයි සැකකළ ඔහු සංජය සොයා ගියා.
 
තම දියණිය පිළිබඳ සංජයගෙන් විමසූ කමල්ට ලැබුණේ අදහාගත නොහැකි පිළිතුරුක්. තමා ඇය සමඟ කොහේවත් නොගිය බව සංජය කමල්ට කීවා.
 
එහෙත් දියණිය නිවෙසේ නොමැති බව කමල් සංජයට කීවා. ඇය කොහේ හරි ගෙන ගියා නම් නැවත කැඳවාගෙන එන ලෙස කමල් සංජයට දැනුම් දුන්නා. එහෙත් සංජය කමල්ගේ කතාව පිළිගත්තෙ නැහැ. ඔහු කමල්ට කීවේ නිෂානි ගමෙන් පිට කැඳවා නොගිය බවයි.
 
මේ හතරබීරි කතාවෙන් කමල් අන්දමන්ද වන්නට ඇති. එහෙත් අනිවාර්යෙන්ම සංජය තම දියණිය කැටුව කොහේ හෝ ගොස් ඇය කිසියම් තැනක රඳවා ආපසු ගමට එන්නට ඇතැයි යන සැකය කමල්ට ඇතිවුණා.
 
මෙසේ දින, සති, මාස ගන් ගෙවී ගියත් කමල්ට දියණිය සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
 
නිවසින් පිටව ගිය නිෂානි මාස 5කට පසු කමල්ට ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තා. දියණියගේ හඬ ඇසුණු කමල්ගේ සතුට ඉවවහා යන්නට ඇති. එහෙත් ඇය ඒ මොහොතේ කියූ දෙයින් කමල් කම්පනයට පත් වුණා.
 
"තාත්තේ මම කසාඳ බැන්ඳා, තාත්තලා කලබල වෙන්න එපා. මම දැන් ජිවත් වෙන්නෙ 'එයා' එක්ක.."
 
නිෂානි විවාහ වී සිටින්නේ කා සමඟයි දැනගැනීමට කමල්ට උවමනා වුණා. ඔහු ඒ ගැන දියණියගෙන් විමසුවා.
 
"තාත්තේ මම එයාගේ ෆොටෝ එකක් එවනවා.. ඒක.. බලන්නකෝ..."
 
තවත් දින කිහිපයකින් කිසියම් තරුණයෙකුගේ ඡායාරූපයක් ඇය කමල්ට එවා තිබුණා. ඒ පුද්ගලයා කමල් කිසි දිනක දැක නැති අයෙකු වුණා. සිදුවූ කිසිවක් තේරුම් ගැනීමේ අපහසුවෙන් සිටි කමල්ට මේ සියල්ල වැටහෙන්න ඇත්තේ 'විකාරයක්' ලෙසයි.
 
එහෙත් තම දියණිය මහනුවර පදිංචි තරුණයෙකු හා විවාහ වූ කතාව පිළිගැනීමට ද කමල්ගේ සිත ඉඩ දුන්නේ නැහැ.
 
මේ කාලය වන විට සංජයද ගමට පැමිණ සිටියා. දියණිය ආගිය අතක් නැතිව සිටි මාස පහේදී සංජයද ගමෙන් ගොස් නැවත පැමිණිම කමල් හොඳින් නිරික්ෂණය කර තිබුණා.
 
නිෂානිගේ උපන්දිනය තිබුණේ පසුගිය 18 වැනිදායි.
 
කමල් හා පවුලේ අය බලාපොරොත්තු නොවූ අයුරින් නිෂානි පසුගිය 17 වනදා නිවිතිගල කරවිට කුරුඳුකොළණිගේ ඇගේ නිවසට පැමිණියා.
 
කමල්ගේ සැකය දෙගුණ තෙගුණ වන්නට ඇත්තේ ඔය අතරයි. තම දියණිය අනිවාර්යෙන්ම සංජය සමඟ පලාගොස් පසුගිය මාස පහ ඔහුගේ තැනක ගත කර ඇතැයි ඔහු බරපතල ලෙස සැක කළා. උපන්දිනය සැමරිමට නිවසට පැමිණි නිෂානි ට පියාගේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වුණා.
 
පියාගේ සැරවැර උග්‍ර වෙද්දි නිෂානි පියාට ඇත්ත හෙළිදරව් කළා.
 
නිවසින් මීට මාස පහකට පෙර පලා ගිය මොහොතේ පටන් සිදුවූ සියලු දේ ඇය පියාට කීවා. තමා පසුගිය මාස පහ ගත කළේ සංජය සමඟ බව ඈ පියාට සඳහන් කළා. දියණියගේ කතාව ඇසූ කමල් කෝපයෙන් දැවෙන්නට වුණා.
 
සංජයත් දියණිත් තමාට මෙතෙක් පවසා ඇත්තේ බොරු කතා බව කමල්ට පැහැදිලි වුණා. නිෂානි නිවසට පැමිණ දින කිහිපයක් මෙසේ හැළ හොල්මනක් නැතිව ගෙවී ගියා. එහෙත් කමල් සිටින්නට ඇත්තේ දරාගත නොහැකි කෝපයකිනුයි. තම ආදරණීය දියණියට සංජය කළ අපරාධය ගැන ඔහුට තිබුණේ කම්පාවක්.
 
ඒ පසුගිය 26 වන දිනයි. එදින උදෑසන නවයට පමණ කමල් නිවසින් පිටවුණා. පාර දිගේ ටික දුරක් ගමන් කළ කමල් එක්වරම දුටු දෙයින් ඔහුට යක්ෂාරූඨ වුණා. ඔහුගේ මුහුණට මුහුණ හමු වූයේ සංජයයි.
 
කෝපයට පත් කමල් ක්ෂණයකින් ඉනේ සඟවාගෙන සිටි පිහිය ගෙන සංජය දෙසට එල්ල කරද්දි ඔහු කෑ ගැසුවා. පිහි පහරින් තුවාල ලැබූ ඔහු තම ජිවිතය බේරා ගැනීම පිණිස කෑ ගසමින් ලේ වැගිරෙන සිරුරෙන් යුතුව පාර දිගේ දුව යද්දි කමල්ද ඔහු හඹා යන්නට වුණා.
 
කමල්ගේ පිහි පහරින් දිවි ගලවා ගැනීමට උත්සහා කරන සංජය මීටර් පන්සීයක් පමණ දුව ගොස් කටුමැටි පැලකට රිංගා දොර වසා ගත්තා. එහෙත් 'මාරයා' ඔහුට ජිවත් වීමේ අවස්ථාව ලබා දුන්නේ නැහැ. කටුමැටි ගේ ඇතුළට කඩා වැදුණු කමල් එල්ල කළ තවත් පිහිපහරකින් සංජය එහි ඇඳක් මත පතිත වුණා. තව පිහි පහරවල් කිහිපයක් ඔහුගේ සිරුරට එල්ල වූයේ ඔය අතරයි. බරපතල තුවාල ලැබූ සංජය පැලෙන එළියට ඇද දැමූ කමල් එතැනින් පලා යද්දි සංජයගේ අවසන් 'සුසුම්පොද' වාතලයට එකතු වුණා.
 
සංජයගේ ඝාතනයෙන් අනතුරුව ආගිය අතක් නැතිවූ කමල් නීතිඥයෙකු මාර්ගයෙන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 27 වැනිදා ඉදිරිපත් වුණා.
 
සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත්වරිය නියම කළා.
 
එන්. ජි. රාජදොරේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  569 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,756 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,282 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  247 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  261 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,729 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,563 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,875 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,754 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,901 Downloads



Top 10 Commenters

Latest Comments

Top