අද පස්වරුවේත් පළාත් 5කට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව යන පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇතැම් විට එම වැසි මිලිමීටර් 100 ඉක්මා යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, ඊයේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යට වූ නාවලපිටිය නගරය මේ වන විට ජලය බැස ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, වර්ෂාවත් සමඟ බෙරගල - වැල්ලවාය මාර්ගයේ නිකපොත පාලම අසළ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී තිබෙනවා.