Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
"කන්ටේනරය වරක් බාරගත්තාම නොකඩවා දින 50ක් එකදිගට කිලෝමීටර් 16000ක් 19000ක් ගමන් කරනවා.." - ඇමරිකාවත් පුදුම කළ ලංකාවේ ට්‍රක් රථ රියදුරු මාලන් කියන කතාව - Photo

- "කන්ටේනරය වරක් බාරගත්තාම නොකඩවා දින 50ක් එකදිගට කිලෝමීටර් 16000ක් 19000ක් ගමන් කරනවා.." - ඇමරිකාවත් පුදුම කළ ලංකාවේ ට්‍රක් රථ රියදුරු මාලන් කියන කතාව - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,070 Views
සේවා කාලය අවුරුදු නවයයි අනතුරක් වාර්ථා වී නෑ..
රියදුරු බලපත්‍රය ලබාගන්න විභාග 21 කට පෙනී සිටින්න වුණා..
ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 50න් 48කම ට්‍රක් රථය ධාවනය කරලා..
 
මේ ලිපියෙන් කියන මාලන් මෙන්ඩිස් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි අන්තර් ප්‍රාන්ත ට්‍රක් රථ රියදුරෙක්. ඔහු ඇමරිකාවට යන්නේ මීට වසර නවයකට විතර කලින්.
 
ඒ අවස්ථාව වනවිට එරටේ රැකියාවක නිරතව සිටි ඔහුගේ එකම පුතාගේ ඇරයුමක් පිළිගෙනයි.
 
පෙර රැකියා සූදානමකින් තොරව ඇමරිකාවට ගිය මාලන් ජීවත් වෙන්න මාර්ගයක් රැකියාවක් සොයා ගන්න ගත් වෙහෙස අපමණයි.

මහනුවර වටපුළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මාලන් මෙන්ඩිස් ඇමරිකාවේ සිය වසර 9 ක අත්දැකීම් එක් කළේ කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී ය.
 
එරටේ රැඳී සිටිමින් රැකියා එක් දහස් දෙසීයයකට අධික සංඛ්‍යාවකට අයදුම්පත් ඉදිරිපත් කළත් සම්මුඛ පරීක්ෂණයකට හෝ කැඳවීමක් ලැබුණේ එම අයදුම්පත් අතරින් රැකියා තුනකට පමණයි. ”ඒ සම්මුඛ පරීක්ෂණවලටත් බස්වලට නැගලා දවස් තුන හතරක් ගමන් කරලා ආපහු ගෙදරට ආවේ බලාපොරොත්තු සියල්ලක්ම සුන් වූ ආකාරයෙන් හිස් අතින්” මාලන් ඒ පරණ මතකය අවදි කළේ කඳුළු පිරුණු දෙනෙත් යොමාගෙනය. ඒ අතීතය අදත් ඔහුට එක් කළේ දුකකි.
 
එහෙත් මාලන් කිසි දවසක අධෛර්යයට පත් වූයේ නෑ. ඔහුට ඒ හැම මොහොතකම පුතාගේ වදන් තම හිතට ධෛර්යයක් ගෙන දුන්නේය. ඔහු තවදුරටත් රැකියා අවස්ථා සොයාගෙන යෑමේ දී දැන ගන්නට ලැබුණේ ට්‍රක් රථ රියදුරන්ට අවස්ථා ඇතත් ඒවාට නිසි පුහුණුව ලත් අය නොමැති බවයි. මේ අනුව තම ජීවන ගමන් මඟ වෙනතකට යොමු කරමින් ට්‍රක් රථ රියදුරු පුහුණුව ලබන්නට තීරණය කළේය. එයත් ලේසි පහසු වැඩක් වුණේ නැහැ.
 
"එරට රියදුරු පුහුණු පාසලේ ට්‍රක් රථ රියදුරෙක් ලෙස පුහුණුව ලබා වාණිජ රියදුරු බලපත්‍රය ලබා ගන්නටත් රුපියල් නව ලක්ෂයක් විතර ගෙවන්නට සිදු වුණා..."

මේ සඳහා ඔහුගේ පුතාගෙන් ලැබුණු අනුග්‍රහය අති මහත්ය. එම රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඔහුට මුහුණ දීමට සිදු වූයේ මෙවන් අභියෝගයකටය.

”මට මේ රියදුරු බලපත්‍රය ලබාගන්න විභාග 21 කට පෙනී සිට ඒවායින් සමත් වන්නට සිදුවුණා. මේ කන්ටේනර්වලින් රසායනික ද්‍රව්‍ය ප්‍රවහනය කරන්න හස්මට් (Hazmat) රියදුරු බලපත්‍රය ලබාගත්තේ මේ හැම එකටම වඩා අමාරුවෙන්. ඒ සඳහා වෙනම විශේෂ විභාගයක් තියෙනවා. ඒකට පෙනී හිඳලා තමයි ඒ ලයිසන් එකත් ගත්තේ” යැයි මාලන් මෙන්ඩිස් කියා සිටියේය.
 
”මේ කන්ටේනර් පදවන රස්සාවත් එසේ මෙසේ එකක් නොවෙයි. කන්ටේනරය වරක් භාරගත්තාම නොකඩවා දින හතළිහක් පණහක් එක දිගට කිලෝමීටර් 16000 ක් 19000 ක් විතර දුරක් ගමන් කරන්න සිදුවෙනවා. ඒකත් ටොන් 40 ක් බර අඩි 72 ත් අඩි 108 ක් දිග කන්ටේනරයක් තමයි මෙලෙස පදවන්නේ. මම මේ වෙනකම් ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 50 න් 48 කම ට්‍රක් රථය ධාවනය කරලා තියෙනවා. මම ගිහින් නැත්තේ අලස්කාවට හා හවායිවලට විතරයි” 

දැනට 58 වැනි වියෙහි පසුවන මාලන් අද සේවය කරන්නේ වොෂින්ටන් ප්‍රාන්තයේ කෙන්ට් නගරයේ පිහිටි ආයතනයක යි. මේ ආකාරයෙන් මාලන් මේ වනවිට ඇමරිකාව තුළ සිය කන්ටේනරය කිලෝමීටර් ලක්ෂ 11 ක් පදවා අවසන් කර ඇත.
 
තමන්ට පරිගණක දැනුමක් නොමැති නිසා සිය ධාවන සටහන් සියල්ල පොතක සටහන් කරගන්නා මාලන් ඒ තුළින්ම තමන්ගේ සතියේ වැටුප ගණනය කරගෙන වැය සැලැස්ම සකස් කර ගැනීමට ද පුරුදුව සිටියි.
 
කන්ටේනරය අතට ගෙන දින 40ක් 50 ක් ඒ තුළම ජීවත් වන මාලන් තමන්ට අවශ්‍ය ආහාර සති තුන හතරකට සෑහෙන්න තම අතින්ම පිසගෙන කන්ටේනරයේ ඇති ශීතකරණයේ තැන්පත් කර සිය ගමන ආරම්භ කරයි.
 
මෙසේ ගෙනයන කෑම අතර බත්” එළවළු ව්‍යාංජන” රොටී” ලූණු මිරිස් වැනි දේත් ඇතුළත්ය. ඇමරිකාවේ කෑම මිල ගණන් අධික නිසාම තමන්ට අවශ්‍ය කෑම මෙලෙස සකස් කරගෙන යෑමෙන් විශාල මුදලක් ඉතිරි කරගන්නා බවත් පවසයි.
 
තමන්ගේ වසර නවයක සේවා කාලය තුළ තමන් අතින් සැලකිය යුතු අනතුරක් සිදුව නැති බව පවසන මාලන් මෙන්ඩිස් සිදු වූ එකම අමතක නොවන සිද්ධිය විස්තර කළේ මෙසේය.
 
”දිනක් සිගරට් කන්ටේනරයක් ප්‍රවහනය කරමින් සිටිය දී එක් වරම ලොකු දුමක් නගිනවා දැක්කා. මම ඉක්මනින්ම ආරක්ෂාකාරී ලෙස කන්ටේනරය අයිනකට කර නතර කළා. ඒ වෙලාවේ සිගරට් ගිනි ගන්නවා. මම වහාම පොලිසියටත් ගිනි නිවන හමුදාවටත් දැනුම් දුන්නා. පෙරළා ගිලන් රථයක් සමඟ පැමිණි පොලිසිය හා ගිනි නිවන හමුදාව එක්ව විනාඩි 14 ක් ඇතුළත ගින්න නිව්වා. ඒ වගේම අධික හිම පතිත වෙන වෙලාවට අතේ ඇඟිලි පුපුරද්දි ට්‍රක් එකෙන් බිමට බැහැලා ඞීසල් ගහන විදිහත් තද සුළඟ සමඟ කුණාටුවට මුහුණ දෙමින් ට්‍රක් රථය තුළ ගුලිවී සිටි අයුරුත් මට අමතක කරන්න බෑ.”
 
මාලන් ශ්‍රී ලංකාවේ සිටිය දී වගේ තවත් රටවල සූපවේදියෙක් විදිහට ද සේවය කර තිබෙනවා. කාලයක් හෝටලයක පාලකයෙක් විදිහටත් සේවය කළ අත්දැකීම් රැසක් ඔහු සතුයි. දැනට ඇමරිකාවේ ට්‍රක් රථ රියදුරෙක් වුවත් විවේක නිවාඩු අවස්ථාවල දී සිය නවාතැනේ දී හදන කොත්තු රොටී” ආප්ප” ලූණු මිරිස්” සීනි සම්බෝල හා බත් මිල දී ගන්න ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් රැසක් බලා සිටින බවත් ඔහු සිහිපත් කළේය.
 
ඒ ව්‍යාපාරය තුළින් සිය මාසික වැටුපට අමතරව විශාල මුදලක් උපයාගනු ලබයි. වරක් ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක ඇමරිකාවට පැමිණි අවස්ථාවේ ඔහුත් සමඟ සිටි 160 දෙනෙකුට තමන් තනිවම කෑම වේලක් සැකසූ බවද කියා සිටියේය.
 
මේ අත්දැකීම් සමාජයට කී මාලන් කියා සිටින්නේ නීත්‍යානුකූලව තවත් සිය ගණනකට ඇමරිකාවට එන්න අවස්ථාව උදාවිය යුතු බවය.
 
ටී. චන්ද්‍රසේකර
දිවයින


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,069 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,485 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  798 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,934 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top