Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් වෙයි

- ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,008 Views
ජනපති සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබෙනවා.

වෘත්තිය සමිති නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය රියදුරන්, නියාමකයින්. ස්ථානාධිපතිවරුන් ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට දින 12 කට පසුවයි ඔවුන් මෙලෙස වර්ජනය අත්හැරීමට තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් අද දිනයේත් උදෑසන කාර්යාල දුම්රිය 28 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ පසු සේවයට වාර්තා කළ සේවකයින් වර්ජනයේ නිරත පිරිස් විසින් බියගන්වා ඇති බවයි.

එමෙන්ම වර්ජනය හේතුවෙන් සිදුව ඇති පාඩුව මෙතෙක් ගණන් බලා නොමැති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු තවදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරතවීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගෙන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවකයින්, සංස්ථා, මණ්ඩල, බැංකු යනාදී අර්ධ රාජ්‍ය ආයතන සේවකයන්ගෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ඊයේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදීද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් පොරොන්දු වූ බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දුම්රිය වර්ජනය පැවති කාලසීමාවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 3 කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ බලාපොරොත්තු වූ මට්ටමක ලාභයක් ලැබී නොමැති බවයි.

මේ අතර දුම්රිය රියදුරන්, නියාමක සහ ස්ථානාධිපතිවරුන් ලෙස යුද හමුදා සෙබළුන් 30 දෙනෙකු ඉන්දියාවට යවා පුහුණු කිරීමට කටයුතු කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

ඒ සඳහා දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීමට අදාළ ලිපි ලේඛන මේ වනවිටත් සූදානම් කර අවසන් බවයි ඔහු කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,071 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,488 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  804 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,938 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top