Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
පෙම් සුව විඳිමින් සිටි පෙම් යුවලට පොලිස් කොස්තාපල්වරයෙක් කළ කැත වැඩේ

- පෙම් සුව විඳිමින් සිටි පෙම් යුවලට පොලිස් කොස්තාපල්වරයෙක් කළ කැත වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
පොලිසියට රැගෙන නොයන ලෙස වැඳ වැටුණු තරුණ පෙම්වතුන් යුවළ බියකර රුපියල් තිස් දහසක මුදලක් බලෙන් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පෙරේදා (05) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ගල්කිස්ස පොලිසියට අනුයුක්ත අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (92096) නමැත්තායි.

ඉකුත් 02 වැනිදා රාත්‍රියේ පිළියන්දල මැද්දෝවිට ප්‍රදේශයේ අතුරු මාර්ගයක පෙම්වතුන් යුවළ මෝටර් රථය තුළ කතාබස් කරමින් සිටියදී එම ස්ථානයට සැකකාර කොස්තාපල්වරයා හා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ තිබූ බව පොලිසිය කියයි.

එහිදී පෙම්වතුන් යුවළ ඇමතූ කොස්තාපල්වරයා අශෝභන ලෙස හැසිරුණා යැයි චෝදනා කොට නීති මඟින් කටයුතු කරන බවත් එසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙස තර්ජනය කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

තමන් ළඟ එතරම් මුදලක් නොමැති බවත් රුපියල් පනස්දහසක් ලබාදෙන බවට වැඳ වැටෙමින් පොරොන්දු වීමෙන් පසු එම මුදලින් රුපියල් තිස් දහසක මුදලක් බොරලැස්ගමුව බැංකුවකින් ලබා ගෙන කොස්තාපල්වරයාට දුන් බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී කොස්තාපල්වරයා සැරයන්වරයකුට ඇමතුමක් ලබා ගනිමින් පෙම්වතුන් යුවළ රුපියල් පනස් දහසක් නොව රුපියල් තිස් දහසක් ලබාදුන් බව පවසා තිබූ බව පොලිසිය කියයි.

පැමිණිලිකාර පෙම්වතුන් යුවළ පොලිස් කොස්තාපල්වරයා ඔවුන් හා කතාබහ කළ දේවල් උපක්‍රමශීලීව ජංගම දුරකථනයේ පටිගත කරගෙන තිබූ බවද පොලිසිය කියයි.

පසුව පෙම්වතුන් යුවළ මේ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හා පොලිස් සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිසියේ විවේකාගාරයේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලිකාර පෙම්වතුන් යුවළගෙන් මුදල් බලෙන් ලබාගත් සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි විදුර පී. ජයසිංහ, පොලිස් අධිකාරි 01 රොහාන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් සැරයන් මෙන්ඩිස් (20553), සුනිල් (56951), ප්‍රසන්න (90248), දයාරත්න (61108), කොස්තාපල් අමිල (77688), සමීර (81600), නුවන් (13177), ලලන්ත (72338) පරීක්ෂණ මෙහෙයවති.

"මව්බිම"
එම්.සී. පෙරේරා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top