Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
"කේන්දර සීයට සීයක් ගැලපිලා විවාහ ජීවිත සතියෙන් දෙකෙන් අවුල් වෙන අය අපි අතරේ කොච්චර නම් ඉන්නවද.." - දමිතා අබේරත්න

- "කේන්දර සීයට සීයක් ගැලපිලා විවාහ ජීවිත සතියෙන් දෙකෙන් අවුල් වෙන අය අපි අතරේ කොච්චර නම් ඉන්නවද.." - දමිතා අබේරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
"මගේ මහත්තයත් එක්ක අවුරුදු දාහතක් මේ විදියට සතුටින් ඉන්නෙ ඒවා බලලා නෙමෙයි.

"ඒ දේවල්වලින් ලබන්න පුළුවන් මානසික සුවය අපමණයි..."

කෙනෙකුගෙ උපන් වෙලාවට ග්‍රහ තාරකාවල පිහිටීම සම්බන්ධ කරගෙන හදන ලියවිල්ලක්. ඉස්සර හිටපු දෛවඥවයෝ ඒ ඇසුරින් කෙනෙකුගෙ ජීවිතය හා සම්බන්ධ නිවැරදි පලාඵල කිව්වා. ඒත් අද වෙනකොට එකම නැකතක හදපු එකම ග්‍රහයො පිහිටපු අපේ කේන්දරේ දග තැනකට ගෙනිච්චොත් කියන ඵලාඵල දහ විදියක්. කේන්දර ප්‍ර‍්‍රතික්‍ෂේප කරන්නෙ නෑ. ඒ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙකුගෙන් බැලූවොත් විතරයි නිවැරදි දේ දැනගන්න පුළුවන්.

ප්‍රයෝජනයට ගන්නෙ මොනවගේ වෙලාවල් වලටද
අලූතෙන් සුබ කටයුත්තක් ආරම්භ කරන්න හදන වෙලාවල්වලදී තමයි ඉතින් කේන්දරේ ප්‍රයෝජනයට අරන් සුබ නැකතක් බලවන්නෙ

අපල කාල ගැන විශ්වාස කරනවද
අනිවාර්යයෙන්ම, ඒත් ඒ අපල කාල අපට යෙදෙන්නෙ පෙර අප විසින්ම කරපු අකුසල කර්ම පල දෙන කාලය කියලා තමයි බුද්ධාගමට අනුව මම වැඩියෙන්ම විශ්වාස කරන්නෙ. ඒ කාලය කේන්දරෙන් කියන්න පුළුවන් තත්ත්වයකුත් ඇති. ඒත් පෙර පිං පව් නිසා අපල කාලය වගේම සපල කාලය අපිට බලපානවා කියන එක ගැන මම ලොකු විශ්වාසයක් තියෙනවා.

නැකැත් අනුගමනය කරනවද
සුබ වැඩක් ආරම්භ කරන්න නැකතක් හදා ගන්නව ඒ වෙලාවට ඒ දේ කරනවා කියපු විදියට. සිංහල අලූත් අවුරුද්ද දවසට ලිපගිනි මෙලවීම සහ අනුභවය නැකතට කරනවා. ඒත් මම ඒ දවසෙ පිටරටක හෝ නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙලානම් ඉන්නෙ ඒක කෙරෙන්නෙත් නෑ.

දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය
මගේ ආගම බුද්ධාගම, බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ දේශනා කළ ධර්මයත් මට සීයට සීයක් විශ්වාස කරනවා. ඒ දර්ශනයට අනුව ජීවත් වෙන කාට වුණත් එයින් ලැබිය හැකි සෙත සහනය අප්‍රමාණයි. සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මමත් බුදුන් වැඳල දෙවියන්ට පිං අනුමෝදන් කරන කෙනෙක්.

පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන
අපේ පැරණි මුතුන් මිත්තන් ඒ ඒ කාලවලදී ඔය ගුප්ත ශාස්ත්‍රයට අනුව විවිධ ශාන්තිකර්ම කරල ජීවිතයේ එදිනෙදා එන ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් සොයාගත්ත කියන එක විශ්වාස කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒත් මම නම් දෙහි කැපිලි යන්තර මන්තර ගුරුකම් ගැන ලොකු පැහැදීමක් වගේම ඒවට නැඹුරුවක් නැහැ. මගේ ලොකුම සහ එකම ශාන්ති කර්මය තමයි බුද්ධ පූජාවත් බෝධිපූජාවත් එයින් මම ලබපු සහනය අනන්තයි අප්‍රමාණයි. ඕනම කෙනෙකුට ඒ දේවල්වලින් ලබන්න පුළුවන් මානසික සුවය අපමණයි කියන එක බය නැතුව කියන්න පුළුවන්.

කේන්දරේ සඳහන් වුණ විශේෂ කාරණා
කලාව තුළ ඉතා දක්‍ෂ ලෙස ජනප්‍රියත්වයට පත් වෙමින් ඉදිරියට යන බවත් ජාත්‍යන්තර සම්මානයට පවා ලක්වෙන බවත් මගේ කේන්දරේ සඳහන් වෙලා තියෙනවා කාල වකවානුත් එක්ක. ඒ දේවල් ඒ කියපු කාලවලදී මට ලැබුණා. අද වෙනකොට මම ජනප්‍රියම හොඳම දක්‍ෂතම වගේ විවිධ අංශ සඳහා සම්මාන 30/-35 අතර දිනාගෙන තියෙනවා.

රංගන ශිල්පිනියක් වෙත බව කේන්දරේ සඳහන් වුණාද
මගේ ඉදිරි ගමන සකස් වෙන්නෙ කලාව හරහා බවත් ඒ තුළින් ජනප්‍රිය චරිතයක් වෙලා උපන් රටට කීර්තියක් අත්කර දෙන බව තමයි කිය වුණේ

විවාහ ජීවිතයට කේන්දරේ බලපාන ආකාරය කොහොමද දකින්නෙ.
විවාහ ජීවිතය කේන්දරේට බාරදිය යුතුයි කියන තැනත් බාර නොදිය යුතුයි කියන තැනවත් මම නැහැ. ඒක ඒ ඒ අයගේ කැමැත්ත. කේන්දර සීයට සීයක් ගැලපිලා විවාහ ජීවිත සතියෙන් දෙකෙන් අවුල් වෙන අය අපි අතරේ කොච්චර නම් ඉන්නවද? ඔය කිසි දෙයක් නොබල ගෙවල්වලට පවා රහසේ විවාහ වුණ අය සාර්ථක විවාහ ජීවිත ගත කරන අවස්ථා කොච්චර තියෙනවද? මොනව කළත් කිව්වත් දෛවයට අනුව අපට හිමි වෙන්න ඕන දේ තමයි ලැබෙන්නේ. මම මගේ මහත්තයත් එක්ක අවුරුදු දාහතක් මේ විදියට සතුටින් ආදරෙන් ඉන්නෙ කේන්දරේට මුල්තැන දීල නෙමෙයි.

රාහු කාලයට බයද
පෞද්ගලිකව මම රාහු කාලය අනුගමනය කරන කෙනෙක් නෙමෙයි. රංගන ශිල්පිනියක් විදියට මට වැඩ කරන්න වෙන්නෙ වෙනත් කෙනෙක් යටතේ, එතෙන්දී රාහු කාලය අනුගමනය කරන්න ගියොත් මට වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි වැඩකට සම්බන්ධ වෙද්දි ඒ අය කිව්වොත් දමිතා අපි ඒ වැඬේ රාහු කාලෙ පන්නලම කරමු කියලා ඒ අයගෙ මතයට ගරු කරල රාහු කාලෙ පන්නල වැඬේ කරන්න සූදානම්.

ලග්නය
මකර

කේන්දරයේ කියවුණ අසුබ යෝග
ඇත්තටම මතක තියාගන්න බැරි තරම්. මොකද වැඩිපුර කියවෙන්නෙ අසුබ දේවල් නිසා. සමහර අවස්ථාවලදී කියවිලා තියෙනවා ලෙඩ රෝග වගේම හදිසි අනතුරු ගැන ඒ දේවල් ඒ විදියටම අදාළ කාලවලදී සිදු වුණා. කොච්චර පරෙස්සමට ඩ‍්‍රයිව් කළත් අහක යන වාහනයක් ගෙනත් හප්පගෙන යනවා. පව් නොකර ජීවත්වෙන හින්ද ඉතින් ජීවිතේ බේරෙනවා.

ධම්මික හේවාවසම්




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top