හදිසි රෝග තත්ත්වයකට ගොදුරු වූ දින 5 ක් වයසැති ළදරුවෙකු සර්බියාවේ රෝහලක් වෙත රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩාවැටී එම ළදරුවා ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බෙල්ගේ‍්‍රඩ් අගනුවරට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් හෙලිකොප්ටරයේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හතරදෙනෙකුද මියගියා.
සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුද එහි සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ස්වසන ආබාධයකින් පෙළුණු ළදරුවා රැගෙන ආ ගිලන් රථය මාර්ගයේ සිරවීම හේතුවෙන් එතැන් සිට ඔහු රැගෙන ගිය හෙලිකොප්ටරයයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. මෙම සිද්ධිය නිසා සර්බියාව අද ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.