මේ අතර ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙන බව දැනුම්දී තිබෙනවා. ================================================================================
UPDATE : අනුර කුමාර දිසානායක නාමයෝජනා භාර දෙයි - ගෝඨාභය සහ සජිත් මැතිවරණ කොමිසන් සභාවට - සජීවී විකාශය - Video නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිසන් සභාවේදී මේ වනවිට සිදු කෙරෙනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක නාම යෝජනා භාර දී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණ තිබෙනවා.
============================================================================== මේ වනවිට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 35 ක අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්‍ර භාර දී අවසන්. පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවන අතර පෙරවරු 11.30 දක්වා විරෝධතා ගොනු කළ හැකියි. ==================================================================== ජනාධිපතිවරණය 2019 සඳහා අපේක්ෂකයන් නාමයෝජනා භාරදෙයි - Video සිරිතුංග ජයසූරිය, බත්තරමුල්ලේ සීලරතන හිමි , ජයන්ත කැටගොඩ, ඒ.එස්.පී. ලියනගේ ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා. ==================================================================== 2019 ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීම ඇරඹෙයි - Video 2019 ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී ඇරඹුනා. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් නාම යෝජනා භාරදීම සඳහා රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා. රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ සිට සජීවී විකාශය
========================================================================== ජනාධිපතිවරණය 2019, නාම යෝජනා භාර දීමට සියල්ල සූදානම් - Video නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද සිදුකෙරෙනවා.
පෙරවරු 9 සිට 11 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. පෙරවරු 9 සිට 11.30 දක්වා නාම යෝජනාවලට අදාළ විරෝධතා ඉදිරිපත් කළ හැකියි.
නාම යෝජනා භාර දීම සඳහා මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.
2019 ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් දේශපාලන පක්ෂ 03 කින් සහ ස්වාධීන කණ්ඩායම් 19කින් අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වුණා.
මේ අතර, නාම යෝජනා භාර ගැනීම සිදුකෙරෙන අද දින පෙරවරු 6 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක පිරිසක් යොදවා ඇති අතර, ආරක්ෂක හා සෝදිසි කිරීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද තෝරා ගත් ස්ථාන කිහිපයක යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. VIDEO