මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සහ පක්ෂවල නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර හමුවක් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ වී තිබෙනවා.
පස්වරු 3ට පමණ අදාළ සාකච්ඡාව ආරම්භ වූ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
හෙට දිනයේදී නාම යෝජනා භාරගැනීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි මෙම හමුව පැවැත්වෙන්නේ.