යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ අංක එකේ ස්ථානය හිමිකරගෙන සිටින පාකිස්තානය පරාජය කිරීමට සමත්වුණා.
වසර 10 කට පසු ප්‍රථම වරට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා.
එහිදී ධනුෂ්ක ගුණතිලක පන්දු 38 කදී ලකුණු 57 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 32 ක් රැස් කළා.
පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් හස්නයින් ලකුණු 37 කට කඩුලූ 3 ක් බිද හෙලූවා.
පිළිතුරු වශයෙන් පාකිස්ථාන පිලට පන්දු වාර 17 යි පන්දු 4 කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 101 ක් පමණයි.
එහිදි ඉසුරු උදාන ලකුණු 11 කට කඩුලූ 3 ක්ද නුවන් ප්‍රදීප් ලකුණු 21 කට කඩුලූ 3 ක් ද බිද හෙලූ අතර, වනිදු හසංරග ලකුණු විස්සකට කඩුලූ දෙකක් බිද හෙලූවා.
මේ අනුව මෙම ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකා පිල පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියට පැමිණෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර 20 යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය ලබන සඳුදා ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරඟ ජයග්‍රහණයත් සමඟ Icc ෆේස්බුක් පිටුවේ cover photo එක වෙනස් කර තිබෙනවා.
ඒ ඊයේ තරඟයේදී වේගවත් අර්ධ ශතකයක් රැස් කළ ධනුෂ්ක ගුණතිලකගේ ඡායාරූපයකින්.
එමෙන්ම පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ද ශ්‍රී ලංකා ධජ රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූති කරමින් පිටියේදී සහයෝගය ලබා දෙනු දක්නට ලැබුණා.