Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
05
"ඒක අවසන් වෙනකම්ම මට බිරිඳ එක්ක ඒ සතුට බෙදාගන්න කතා කරන්නවත් ලැබුණේ නැහැ..." - සහන් රංවල - Photos

- "ඒක අවසන් වෙනකම්ම මට බිරිඳ එක්ක ඒ සතුට බෙදාගන්න කතා කරන්නවත් ලැබුණේ නැහැ..." - සහන් රංවල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
"එයා වෙනුවෙන් වෙලාව වෙන්කර ගන්න දෙපාරක් හිතන්නෑ.."
"ප්‍රේම කරලා විවාහ වෙන්න ඕන..."
 
”මට මතක හැටියට එදා 2007 දෙසැම්බර් 21 වෙනිදා. මම හිටියේ ‘‘වේලාව කීයද?’’ කියන වේදිකා නාට්‍ය රඟදක්වන්න සියල්ල සූදානම්ව.
 
එම නාට්‍යයෙන් දිග හැරුණේ කාර්යය බහුල ජීවන රටාවක මුදල් හම්බ කරන්න වෙහෙසෙන, මුදල් හම්බ කරන, බඩු භාණ්ඩ සැප සම්පත් උපරිමයෙන් දෙන නමුත් දරුවන් ගැනවත්, බිරිඳ ගැනවත් සොයා බලන්න වේලාවක් හොයා ගන්න බැරි අවිවේකී ස්වාමියෙක් ගැන.
 
වේදිකා නාට්‍ය රඟ දක්වන්න මොහොතක් තිබියදී මට මගේ වයිෆ් මහා ලොකු සතුටකින් දුරකථනයෙන් කතා කරලා කිව්වා ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා.

එයා ඒ දුරකථන ඇමතුම ගත්තේ දහසක් බලාපොරොත්තු පොදි බැඳන්, හරිම සතුටින්. නමුත් ඒ මොහොතෙ ක්‍ෂණිකව ඇයට ප්‍රතිචාරයක් දක්වනවා හැරෙන්න නාට්‍ය රඟදක්වා අවසන් වෙනකම්ම මට බිරිඳ එක්ක ඒ සතුට බෙදාගන්න කතා කරන්නවත් ලැබුණේ නැහැ. එදා මට මොහොතකට හිතුණා මම රඟදක්වන චරිතයයි, සැබෑ චරිතයයි එකක්ද කියලා. නමුත් පුතා ලැබුණාට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. අද මම රාජකාරි කොච්චර තිබ්බත් පුංචි පුතු ‘‘සෙත්’’ වෙනුවෙන් වෙලාව වෙන්කර ගන්න දෙපාරක් හිතන්නෑ. හැමදාම වැඩ නිසාම කාර්යය බහුල වෙච්ච අපි, ජීවත් වෙන්නත් කාලය හොයා ගන්න ඕනේනේ”
 
ඒ සහන රන්වලයි.
 
පුතාට දැන් වයස කීයද?
අවුරුදු එකොළහක්.
 
අවුරුදු එකොළහක් ආපස්සට ගිහින් අපි සොඳුරු අතීත මතකයන් අවදි කරමු. පුතා ඉපදෙනකොට දැන සිටියා ද පුතෙක් ලැබෙනවා කියලා...?
නැහැ. මටයි, බිරිඳටයි දෙන්නාටම අවශ්‍ය වුණා ඉපදෙන දවසේම දරුවා කවුද කියන එක දැන ගන්න. නමුත් මා තදින්ම විශ්වාස කළා මට ලැබෙන්නේ පුතෙක් කියලා. බිරිඳනම් ආසාවෙන් හිටියේ දුවෙකුට. ඒත් පුතා දැක්කාම අපි දෙන්නාගේම ලෝකය වුණේ පුතා. හැබැයි අපි දෙන්නා මෙහෙම දෙයක් ප්ලෑන් කරල තිබුණා, පුතෙක් ලැබුණොත් දාන නමයි, දුවෙක් ලැබුණොත් දාන නමයි. නුවරට යනකොට හමුවෙනවා හරිම ලස්සන නිසංසල පරිසරයක තියෙන පන්සලක් ‘සෙත්’ කියලා. කවදා හරි මට පුතෙක් ලැබුණොත් ‘සෙත්’ කියලා නම තියනවා කියලා මම හිතුවේ පන්සලට ගිය දවසක. ඒ අනුවයි පුතාට ‘සෙත්’ කියන නම තැබුණේ.
 
තාත්තා දරුවන්ට පේන්න ආදරේ කරන්නෑ කියන එක ඔබ පිළිගන්නවාද?
නැහැ. මම නම් පුතාට දැනෙන්න ආදරෙ කරනවා. එයාව වඩා ගන්න, සිපගන්න, ආදරෙන් රණ්ඩු කරන්න, පුතයි මමයි ඉතාම සමීපව ආදරය, සෙනෙහස බෙදාගන්න දෙන්නෙක්.
 
පියෙකුගේ දඬුවම දරුවන්ට දරාගන්න අමාරුයි නේද?
අම්මෝ ඔව්. මම පොඞ්ඩක් සැර කළත් පුතාට ගොඩක් දුක හිතෙනවා. අම්මාගේ දඬුවමට වඩා, තාත්තාගේ දඬුවමට දරුවන් බයයි. තව දෙයක් තමයි මමවත් බිරිඳවත් කවදාවත් පුතාට තරහෙන්, වෛරයෙන් කළකිරීමෙන් කිසිම දඬුවමක් කරලා නැහැ. ඇත්තටම දඬුවමක් දරුවෙකුට දිය යුත්තේ වරදක් පෙන්වා දෙන්න විතරයි. ඒ හැර කිසිම දවසක දරුවෙකුගේ දඬුවමක් සැර නොවිය යුතුයි කියලයි මගේ අදහස. අනිත් දේ තමයි අපි දෙන්නා දරුවා ලැබෙන්න ඉන්නකොට තීරණය කරලා තිබුණ දරුවෙක් ඉන්න කාලෙක, එයාට දඬුවමක් කරන්න වුණොත් එක් කෙනෙක් ඒ දේ කරන්න, අනිත් කෙනා නිහඬවෙන්න කියන එක.
 
ඔබේ තාත්තා එක්ක ගෙවපු අතීතය අද පුතා සමඟ රස විඳිනවාද?
ඔව්. පුංචි කාලේ ඉඳලාම මගෙයි තාත්තාගෙයි අතර ලොකු බැඳීමක් තිබුණා. තාත්තා අපේ ජීවිතයේට දීපු ලොකුම දේ තමයි නිදහස. එයා කවදාවත් ‘‘මෙසේ විය යුතුයි’’ කියා තහංචි දැම්මේ නෑ. ඔහු කරනවා කියා ජන ගී පමණක්ම අධ්‍යයනය කරන්න කිව්වේ නැහැ. ඉංග්‍රීසි ගීත, සිංහල ගීත, දමිල, හිංදි ගීත වගේම අපි පිටරටවල නිර්මාණය වුණ නිර්මාණ ගැනත් සැලකිලිමත් වුණා. හොඳම දේ සොයා යන්න අධ්‍යාපනය ඉතාම වැදගත් දෙයක්.
 
ඉස්සර තාත්තාගේ එක පුරුද්දක් තිබුණා. නිර්මාණයක් කරලා එහි මුල් පිටපත මට පෙන්වන්න. එහි අඩුපාඩුවක් තිබුණොත්, නැවත එකතු කළ යුතු දෙයක් තිබුණොත් මම ඒක තාත්තා එක්ක සාකච්ඡ කළාම ඒ හැමදේටම තාත්තා ආදරෙන් ඇහුම්කන් දුන්නා. අද ඒ දේම පුතායි මායි අතර වෙනවා.
 
අනාගතයේදී පුතා මේ ක්‍ෂේත්‍රයෙන්ම ඉදිරියට යා යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?
මම ඔහුට කවදාවත් ඍජුවම එවැනි දෙයක් ගැන කියා නැහැ. නමුත් වරක් තාත්තාගේ උපන් දිනයක් වෙනුවෙන් තාත්තාගේ ඉටිරුවක් විවෘත කළා. එම උත්සවය නම් කර තිබුණේ ‘‘රන් සළකුණ’’ කියලා. එහිදී යුග දෙකක් එක ගමනක් කියන සී.ඞී. තැටියකුත් එළිදැක්වූවා. එදා පුතා බිරිඳට කියා තිබුණා ‘‘අම්මා මම ලොකු වුණාම යුග තුනක් එක ගමනක් වෙනවා නේද’’ කියලා. එයා මට නොකිව්වාට පරම්පරාව ඉදිරියට ගෙන යා යුතුයි කියල අදහසේ ඉන්නවා කියලා දැනෙනවා. තවත් වරක් කියා තිබුණා ‘‘අම්මා මම ලොකු වෙලා පුතෙක් හදලා මහණවෙනවා’’ කියලා. පුතෙක් හදලා මහණ වෙන්නේ ඇයි කියලා ඇහැව්වාම කියලා තියෙනවා, සීයා කරගෙන ආපු මේ වැඩ ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඕනේ නේද කියලා. සීයත්, තාත්තාත් කරගෙන ආපු ජන ගී කලාව ඉදිරියට ගෙනියන්න ලොකු අදහසක් ඔහුට තියෙන බව නම් නිතර හැෙඟනවා. වරක් එයා පොතක ලියා තිබුණා ‘‘මගේ අනාගත බලාපොරොත්තුව තාත්තාගේ ජන ගී ඉදිරියට ගෙන යාම’’ කියලා.
 
දරුවෙක් කියන කෙනා ඔබට හැෙඟන්නේ කොහොමද?
අපි අපේ හොඳම යාළුවා විදිහට තෝරා ගන්නේ අපි කැමතිම කෙනෙක්. ප්‍රේම කරලා විවාහ වෙන්නේ හැම අතින්ම අපිට ගැලපෙන හොඳම කෙනාව. විද්‍යාත්මකව ගැඹුරින් අධ්‍යයනය කළොත් ජීවියකුගේ උපත කෙසේ විස්තර කළත් මට හිතෙන්නේ මගේ ලෙයින් මා ආසම කෙනෙක් විදිහට මට ලැබුණ වටිනාම වස්තුව තමයි මගේ දරුවා.
 
ඇත්තටම පිය සෙනෙහස කියන්නේ කුමක්ද?
ම්... මට හිතෙන්නේ මේ විශ්වයේ තියෙන අකුරු එකට එකතු කළත් තාත්තා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය, සෙනෙහස විස්තර කරන්න අකුරු මදි. මා මගේ තාත්තාගෙන් ලබපු පිය සෙනෙහසයි, මා මගේ දරුවාට දක්වන පිය සෙනෙහසයි දෙස බලද්දී මට හිතෙන්නේ එහෙමයි. සෙනෙහස දෝරෙ ගලාගිය ආදරණීය කතාබහට සමුදුන්නේ එපරිද්දෙනි.
 
අසුන්තා එදිරිසූරිය






Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top