අලූත් පෙම්වතාට තමන් ගැන බොරු කේළාම් කිව්වා කියලා ආක්ෂා සුදාරි නිරූපිකාවක් එක්ක පැටලිලා.මේ ආරංචිය ලැබුණු ගමන් අපි ආක්ෂාට කතාකළා.ඇය කිව්වේ මේක තමන්ට ඉරිසියා කරන කවුරුහරි හදපු බොරු කතාවක් කියලයි.ඉතින් ඒකට විරුද්ධව ඇය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවලූ. ඒවගේම කාවිංග පෙරේරාගෙන් පස්සේ තමන් කාගෙවත් පෙම්වතියක් වුණෙත් නෑ කියලයි ආක්ෂා අපිත් එක්ක කිව්වේ. ඒත් ආක්ෂාගෙන් ගුටිකෑවයි කියන නිරූපිකාව හංසි කියන්නේ නම්,මීට වඩා වෙනස්ම කතාවක්.
ප්‍ර‍්‍රශ්නය - හංසි ආක්ෂයි ඔයයි අතරෙ ඇතිවුණු ප්‍රශ්නෙ ගැන අපි ආක්ෂාගෙනුත් ඇහුවා.එයානම් කියන්නේ මේක බොරුවක් කියලා.
හංසි - නෑ ඒක ඇත්ත.නිලූ කොඩිකාරගේ සැලූන් එකෙන් බ්‍රයිඩල් ෂෝ එකකට මට එන්න කිව්වා.මුලින්ම ෆිටෝන් එකට එන්න කිව්වා.ඉතිං මං 10 වෙනිදා හවස 4 ට විතර සැලූන් එකට ගියා.නිලූ මට බ්‍රයිඩල් ෆ්‍රොක් එකක් ඇන්දුවා.ඒක ගොඩක් බර එකක්.හරි අමාරුයි ඇඳගෙන ඉන්න.ඊට විනාඩි 10 කට විතර පස්සේ,ආක්ෂායි,එයාගෙ අම්මයි, මේනකායි මං හිටපු රූම් එකට ආවා.ඒගොල්ලො ආවෙ දොරත් වහගෙනමයි. විනාඩි 5ක් විතර ආක්ෂා මං දිහා බලාගෙන ඉඳලා ඇහුවා එයාගෙ බෝයිෆ්‍රෙන්ඞ්ට මං මොනවද කිව්වෙ කියලා.මං කිව්වා මං කාටවත් කිසිදෙයක් කිව්වෙ නැහැ,කවුරුහරි එහෙම කියනවානම් එයාව ගෙනල්ලා අහමු කියලා.
ඒත් මං කියපු දේවල් ගණන් ගන්නේ නැතුව ආක්ෂා මගෙ කනට හතර පස් වතාවක් ගහලා මගේ අත හපලා ෆෝන් එක උදුරගෙන පොළොවෙ ගැහුවා.ආක්ෂාගේ අම්මා මට නරක වචනෙන් බැන්නා.ඒගොල්ලොත් එක්ක ආපු මේනකා මේ හැමදේටම එයාලට උදව් කළා.එතන හිටපු නිලූ කොඩිකාර මට ගහන එක නවත්තන්න කිසිම දෙයක් කළේ නෑ.මං එතනින් එළියට දුවන්න හැදුවත් ඒගොල්ලො මාව ඇදලා අරගෙන තමයි ගැහුවේ.ගහපු පාරවල් නිසා දැන් මගේ වම් කන ඇහෙනවා අඩුයි.දකුණු කකුලටත් අමාරුයි.එතකොට මගෙ දකුණු අත හපලා ලොකු කැළලකුත් තියෙනවා.මගෙ ෆොන් එකයි,රත්තරන් මාලෙයි දෙකම නැතිවුණා.මේ ගැන මම මිරිහාන පොලිසියේ පැමිණිල්ලකුත් දාලයි තියෙන්නේ.හැබැයි දැන් ඒගොල්ලො හැසිරෙන්නේ එහෙම දෙයක් සිද්ධ නොවුණු ගානට.ඒත් මට පොලීසියෙන් අද කතා කරලා කියපු විදියට එයාලට හෙට පොලිසියට එන්න කියලයි තියෙන්නේ.
ප්‍ර‍්‍රශ්නය - ඔයයි,ආක්ෂයි මීට කලින් යාළුවොද?
හංසි - ඔව් අපි යාළුවෝ.ඒත් මම ආක්ෂාව ටිකෙන් ටික ඈත්කළා.මොකද
එයා මගේ මූණට එකක් කියලා මං නැති තැන තව එකක් කියන්නේ.ඒගොල්ලො කිසිම තේරුමක් නැති ලයිෆ් එකක් ගෙනියන මිනිස්සු.
ප්‍ර‍්‍රශ්නය - එතකොට ඔයා ආක්ෂාගෙ අලූත් බෝයි ෆ්‍රෙන්ඞ්ව අඳුරනවද?
හංසි - ඔව් ආක්ෂා මගේ යාළුවෙක් වෙලා ඉන්න කාලෙ තමයි මං එයාව අඳුනගත්තේ. මම නම් එයාට ආක්ෂා ගැන කිසිදෙයක් කියන්න ගියේ නෑ.ඒත් එයා ආක්ෂා ගැන ඇත්ත දැනගෙන දැන් කතා කරන්නෙත් නැහැ.
හංසි කියන විදියට ආක්ෂා පොඩි දේටත් ගොඩාක් කලබල වෙන කෙනෙක්.ඒ වගේම ඇය දැන් හොයනවලූ,නිලූ කොඩිකාර ඇයට කතාකළේ ඇත්තටම බ්‍රයිඩල් ෂෝ එකකටද කියලා.මොකද හංසි හිතන විදියට මේ ප්ලෑන් කරලා කරපු දෙයක්.අනිත් එක ඔය රණ්ඩුව වෙලාවෙදි මේ ගැන පොලීසියට පැමිණිලි කළොත්,ඇසිඞ් ගහනවා කියලා වගේම හංසිගේ ෆෝටෝස් වෙනස් කරලා දානවා කියලත් ආක්ෂා ඇයට තර්ජනය කරලා.
ඔය අතරෙදි අපිට තව ආරංචියක් ලැබුණා.ඒ ආක්ෂාගෙ ඇත්ත නම ගැන.සමහරු කියන විදියට ආක්ෂා සුදාරි කියන්නේ,ඇය ක්ෂේත්‍රයට ආවට පස්සේ දාගත්ත නමලූ.ඒත් ඇගේ ඇත්ත නම ආශා කුමාරි කියලයි සමහරු කියන්නේ.