Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
04
"අපිට මොන ළමා දිනද මහත්තයෝ..." - ගොටුකොළ මිටියක් විකුණා තාත්තා රැකබලා ගන්න වෙහෙසෙන දරුවන්ගේ සංවේදී කතාව - Photos

- "අපිට මොන ළමා දිනද මහත්තයෝ..." - ගොටුකොළ මිටියක් විකුණා තාත්තා රැකබලා ගන්න වෙහෙසෙන දරුවන්ගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,848 Views
ලෝක ළමා දිනය 01 වැනිදාට යෙදී තිබිණි. බොහෝ ළමයින්ට මෙදින විශේෂ වරප්‍රසාද මෙන්ම විවිධ සැලකිලි හා තෑග භෝග ලැබෙන දිනයකි. එහෙත් උඩරට වතුකරයේ ළමුන් පිරිසක් ලෝක ළමා දිනයදා විවිධ වැඩ කටයුතුවල නිරතව කිසියම් හෝ මුදලක් සොයා ගැනීමට වෙහෙසන අයුරු වතුකරය ආශ්‍රිත ප්‍රදේශයන්ගේ අප 01 වැනිදා කළ නිරීක්ෂණ චාරිකාවේදී දැකගන්නට ලැබිණි.
 
නුවරඑළිය - තලවාකෙල් මාර්ගයේ ප්‍රදේශයේ වතු කම්කරු ළමයි රැසක් මාර්ගයේ රැඳී සිටිමින් ගොටු කොළ විකුණමින් සිටියහ. ඔවුහු උදෑසන මාර්ගයට පැමිණ සවස්වන තුරු ගොටු කොළ මිටි එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල යන පිරිස්වලට විකුණමින් සිටියහ. ඔවුන් අව්වට වේලමින් වැස්සට තෙමෙමින් මුළු දිනයේම කීයක් හෝ සොයා ගැනීමට වෙහෙසෙමින් සිටින අයුරු එහි යන එන කාටවුව දැක ගත හැක.

ඔවුන් එසේ ළමා කාලය මහ පාරට ගෙවා දමන්නේ කීයක් හරි මුදලක් සොයා ගෙන දෙමාපියන් රැක බලා ගැනීමටය. ඔවුහු බොහොමයක් දෙනා නියමිත පරිදි පාසල් නොයති. නිසි පරිදි පෝෂ්‍යදායි ආහාර වේලක් නොලබති. මාර්ගයේ පැමිණෙන රථවාහන නවතා ගැනීමට විශාල වෙහෙසක් දරති. එහිදී ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් විය හැකි යැයි සිතේ.
 
තලවකැලේ - නාවලපිටිය මාර්ගයේ තිස්පනේ, කැටඹුලා ප්‍රදේශයේ එකම පවුලේ ළමුන් තිදෙනෙකු පාසල් නොයා රෝගීව සිටින තම පියා රැක බලා ගැනීමට වෙහෙසන අයුරු දැක ගන්නට ලැබිණි. නමින් සසිදරන් මන්ගප්පන් වන ඔහුගේ වයස අවුරුදු 57 කි. 2015 වසරේ වැළඳුණු රෝගයක් හේතුවෙන් ඔහු දැනට නිවසේ එක්තැන්ව සිටින අතර ඔහු රැක බලා ගන්නේ පාසල් වයසේ යන ළමුන් තිදෙනා විසිනි. ඔහුගේ බිරිඳ 2013 වසරේදී ඔහු හැර ගොස් තිබේ.
 
කබිලේෂන් (18) යනු ඔහුගේ වැඩිමහල් පුතාය. ඔහු 2016 වසරේ සිට පාසල් නොයා වෙළෙඳ සලක වැඩ කරමින් තම පියා රැක ගැනීමට වෙහෙසෙයි. ඔහු උපයා ගන්නා මුදලින් තම පියාත් සහෝදරයනුත් රැක බලා ගනී. හරිෂාන් (12) යනු දෙවන පුතා වන අතර, වයස අවුරුදු 11 ක් වන සගිතා දියණියයි. ඔවුහු ද පාසල් නොගොස් නිවසට වී තම පියාට ඇප උපස්ථාන කරමින් කාලය ගත කරති.
 
ළමා කාලය අහිමි වී ගොස් ඇති උඩරට වතුකරයේ ළමුන්ගෙන් කීප දෙනෙකුගේ තොරතුරු එසේය. සොයා බලන්නේ නම් තවත් අති විශාල පිරිසක් මෙම තත්ත්වයට මුහුණ පා සිටින අයුරු සොයා ගත හැකිය.
 
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  84 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,065 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,485 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  798 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,931 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top