මෙවැනි විවාහයක් සිදු කළ හැක්කේ දැරියගේ වයස අවුරුදු 13 පිරුණු කල්හි බැවින්, මෙම පනතේ අරමුණ ළමා අයිතිවාසිකම් සුරැකීම බව ඉරාන රජය පවසනවා.
පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලබන කිසියම් නීතියක් වලංගු වීමට එය ඉස්ලාම් නීතියට සහ රටේ ව්‍යවස්ථාවට අනුකූල ද යන්න ඉරාන කැපකරු සභාව විසින් විමසා බලනු ලැබිය යුතු වනවා.
පූජකවරුන් සහ විනිසුරුවන්ගෙන් සමන්විත එම සභාව මෙම මතභේදනීය නීතිය පිළිබඳ අවසාන තීන්දුව තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
ඉරාන කැපකරු සභාව මෙම නීතිය දැරියන්ට හිතකර ලෙස පිළිගනු ඇතැයි ‘ද ගාර්ඩියන්’ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී මානව හිමිකම් නීතිවේදිනී ෂාදි සාද්ර් බිය පළ කර තිබෙනවා.
මෙය සම්මත වුවහොත් ළමා අපයෝජනය නීත්‍යනුකූල වනු ඇතැයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඉරාන ජනරජය තුළ මේ වනවිට ගැහැනු ළමයකුට ඇගේ පියාගේ අවසරය ලැබෙතොත් වයස අවුරුදු 13දී ද, පිරිමි ළමයකුට වයස අවුරුදු 15දී ද විවාහ විය හැකියි.
විනිසුරුවකුගේ අවසරය ලැබේ නම් අවුරුදු 13ට අඩු දැරියක පවා විවාහ කර දීමේ හැකියාව පවතිනවා.
ඉරානයේ Tabnak පුවත් වෙබ් අඩවියට අනුව 2010 වසරේදී අවුරුදු 10ත් 14ත් අතර ඉරාන දැරියන් 42,000ක් ද, වයස 10න් පහළ දැරියන් 75 දෙනකු ද විවාහ කර දෙනු ලැබ තිබෙනවා.