මේ වනවිට තමන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක පූජිත හිටපු ක්‍රිකට් තරුවක් වන මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මුරලිදරන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන බවට පළවන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව හිරු පුවත් වෙත පිළිතුරු දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් පවසන්නේ තමන් කිසිදු අවස්ථාවක දේශපාලනයට පිවිසෙන බවට ප්‍රකාශයක් කර නොමැති බවයි.
එමෙන්ම තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වනබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර එවැනි අසත්‍ය වාර්තා තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකර නොගන්නා ලෙසද සුපිරි ක්‍රීඩක මුරලිදරන් වැඩිදුරටත් ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.