Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
ලක්ෂ ගණනින් මුදල් වංචාකරන සංවිධානාත්මක මැණික් ගල් ජාවාරමක් හෙළිවෙයි - Video

- ලක්ෂ ගණනින් මුදල් වංචාකරන සංවිධානාත්මක මැණික් ගල් ජාවාරමක් හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,130 Views
නිධන් වස්තුවලින් ලබාගත් මැණික් විකිණීමට ඇති බව පවසා මැණික් ලෙස ව්‍යාජව සැකසූ ගල් ලබා දී ලක්ෂ ගණනින් මුදල් වංචාකරන සංවිධානාත්මක ජාවාරමක් වැටලීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායම සමත් වුණා.

ඒ පොලොන්නරුව කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් ද සමග නාමල්ගම පුරා විද්‍යා ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී.

නිධානයකින් ලබාගත් මැණික් තමා සතුව ඇති බවත් ඒවා පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කිරීම සදහා මෙම පුද්ගලයා අපව මුලින්ම කැදවනු ලැබුවේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකටයි.

දක්ෂ මැණික් පරීක්ෂාකරුවන්ට පවා මේවා ව්‍යාජව සැකසු මැණික් ගල් බව හදුනා ගැනීම අපහසු වන ලෙසට මේවා සුක්ෂමව නිමවීමට ජාවාරම්කරුවන් ක්‍රියාකර තිබෙනවා.
 

හිරු සී.අයි.ඒ. කණ්ඩායමේ සාමාජිකයන්ට ජාවාරම්කරුවන් ප්‍රකාශ කලේ රුපියල් ලක්ෂ 30 කට මේවා අලෙවිකරන බවයි.

ඔවුන්ගේ බසට රැවටුනු බව ඇඟ වු අප මුදල් රැගෙන ගණුදෙනුව සිදුකිරීමට වැලිකන්ද ප්‍රදේශයට පැමිණෙන බව දන්වා සිටියා.

ඒ අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කෙරුණේ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසිංහ මහතාගේ උපදෙස් මතයි.

පොරොන්දු වු පරිදි ජාවාරම්කරුවන් දෙදෙනෙකු මැණික් ලෙස සැකසු ව්‍යාජ ගල් රැගෙන මෝටර් රථයට පැමිණියා.

ඒ අවස්ථාවේම පොලිස් නිලධාරීන් වැටලීම සිදු කළා.

මැණික් ලෙස ව්‍යාජව සැකසු මෙම ගල් මොවුන්ට ලබාදුන් බව පවසන පුද්ගලයා ද මොවුන් හරහාම දුරකථන ඇමතුමක් ලබාදෙමින් පොලිසියට ගෙන්වා ගත්තා.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කලේ ගඟක් තිබී මෙම එක් ගලක් අහුලාගත් බවයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලොන්නරුව, අනුරාධපුර ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් නිදන්වලින් ලබාගත් බව පවමින් මැණික් ලෙස ව්‍යාජව සකසන මෙම ගල් අලෙවිය මේ වනවිට සීග්‍රව ව්‍යාප්තව පවතින අතර මෙම වංචාවට හසුව මේ වනවිටත් විශාල පිරිසක් තම මුදල් අහිමි කර ගෙන අවසන්.

මෙය සංවිධානාත්මක ජාවාරමක් වන අතර ඔවුන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ විය හැකියි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  249 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,496 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,940 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  220 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  601 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,017 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  700 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,362 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  375 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,356 Downloads



Top 10 Commenters

Latest Comments

Top