පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට ඇතිවිය හැකි ගං වතුර තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
නිල්වලා ගඟේ පිටබැද්දර ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ යාමක් වාර්තාවී ඇති අතර, පානදුගම සහ ඌරුව ප්‍රදේශයේ සුළු ගං වතුර තත්ත්වයක් වාර්තාවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම තවලම ප්‍රදේශයෙන් ගිං ගෙඟ් ජල මට්ටම ද ඉහළ යමින් පවතින බැවින් දෙපස ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.
දකුණු පළාතේ මේ දිනවල දැඩි වර්ෂාව සහිත කාලගුණයක්් පවතින අතර, ඊයේ දිනය තුළ මිලිමීටර 104 ක වැඩිම වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්ලව ප්‍රදේශයෙන් වාර්තාවුණා.
එමෙන්ම ගාල්ල - හියාරේ, සහ මාතර - කළුබෝවිටියන ප්‍රදේශවලටද මිලිමීටර 100 ඉක්මවු වැසි ලැබී තිබෙනවා.