වැල්ලවාය - මොණරාගල මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බුත්තල දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදි ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක මෙම තරුණයා පැමිණි යතුරුපැදිය ගැටී තිබෙනවා.
තුවාල ලැබූ ඔහු පසුව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි ආනපල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.