නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවා ගත්තේ අමාත්‍යවරයාට හිමිවී ඇති බලතල අනුව බව, එහි සභාපති ලක්විජය සාගර පලන්සූරිය 2015 - 2018 රාජ්‍ය ආයතනයන්වල වංචා දූෂණ පිළිබඳව සොයන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම බඳවා ගැනීම් රජයේ සේවකයින් බඳවා ගැනීමේ පටිපාටියට බැහැරව සිදුව ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
පුහුණුලාභීන් ලෙස බඳවා ගත් සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින් ලෙස සංශෝධනය කළේ ඔවුන්ගෙන් සේවය ලබා ගැනීමේ පහසුව සඳහා බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය වසර 3 තුළ නිවාස සංවර්ධන අධිකාරියට නිසි අනුමැතියකින් තොරව නියමිත සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවා ගැනීමේ සිද්ධියකට අදාළවයි මෙලෙස නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, ලක්විජය සාගර පලන්සූරිය, මෙලෙස සාක්ෂි ලබා දුන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ලබන සඳුදා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.