එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මතය අනුව පමණක් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගන්නේ නම් ඊට එකඟ විය නොහැකි බව ජාතික හෙළ උරුමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කළේ කල් නොයවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බවට රාවයක් පැතිර යන බැවින් එවැන්නකට එකඟ විය නොහැකි බවයි ජාතික හෙළ උරුමය පෙන්වා දෙන්නේ.