චීන සංචාරකයින් රැගත් බස් රථයක් ඇමරිකාවේදී අනතුරට ලක්වී එහි සිටි පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උටා ප්‍රාන්තයේ බ්‍රේස් කැනියොන් ජාතික උද්‍යානය ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී බස් රථයේ ගමන් ගත් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
..