Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
"පාටි එක දවසේදි තමයි දැනගත්තේ, අකිල නම් මුලින්ම කිව්වා දුවෙක් තමයි ලැබෙන්නෙ කියලා.." - ඇන්තනී පවුලට එකතු වෙන්න ඉන්න අමුත්තිය ගැන අකිලගේ බිරිඳ කිව්ව දේ - Photos

- "පාටි එක දවසේදි තමයි දැනගත්තේ, අකිල නම් මුලින්ම කිව්වා දුවෙක් තමයි ලැබෙන්නෙ කියලා.." - ඇන්තනී පවුලට එකතු වෙන්න ඉන්න අමුත්තිය ගැන අකිලගේ බිරිඳ කිව්ව දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,533 Views
ඒක පුදුමයක් වගේ. මම අම්මා කෙනෙක් වෙන්න යනවා..
අනේ ඔව්. අකිල ඇත්තටම හරි ආදරණීය කෙනෙක්...
වෙනදාටත් වඩා අකිල මං ගැන හොයලා බලනවා..

කලාව ඕපපතිකයක් නොවුණු ඔහු හැමදාමත් දකින්න ලැබුණේ විවිධ චරිතවලින්. ඇන්තනි පවුලේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර නිරන්තරයෙන්ම සිනමා තිරයෙන් නොදැක්කත් ඔහුට ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔහුගේ ආදරණිය බිරිද එමි. ඇය දැන් මවක් වීමට සුදානමින් ඉන්නවා. ඉතින් ඒ ගැන තොරතුරු ඇය සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි...

අමන්දාගේ උපන්දිනයට ලස්සන පුදුම කිරීමක් ලැබුණා නේද?
ඔව්. අකිලට ලොකු ඕනකමක් තිබුණා අපේ දරුවා ලැබෙන්න කලින් මගේ අන්තිම උපන්දිනය හොඳට සමරන්න. මාධවී අක්කයි මිලාන් අයියයි තමයි උපන්දින සාදය සංවිධානය කළේ. මගේ උපන්දිනයයි බබා ඉපදෙන්න කලින් ගන්න උත්සවයයි දෙකම එකට සැමරුවා. ඒ ඔක්කොම අපේ අක්කාගේ අදහසකට අනුව වුණේ. පවුලේ සියලු දෙනා එකතු කරගෙන ඒ වගේ උත්සවයක් ගන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් තියෙනවා.
 
අමන්දත් දැන් මවක් වෙන්නනේ සූදානමින් ඉන්නේ. මවක් වෙන්න යනවා කියලා දැනගත්තම මොකද හිතුණේ?
ඒක පුදුමයක් වගේ. මම අම්මා කෙනෙක්, අකිල තාත්තා කෙනෙක් වෙනවා කියන එක දැනෙද්දී ගොඩක් සතුටු හිතුණා. මුලින්ම ඒ ආරංචිය කිව්වේ මවුපියන්ට.
 
ඒ ආරංචියත් එක්ක අලුත් වගකීම් ගොඩක් ජීවිතයට එකතු වෙනවා නේද?
ඔව්. ඒ වගකීම එදා ඉඳන්ම දැනුණා. මම අම්මා කෙනෙක් වෙන්න යන නිසා ඇවිදින එකේ ඉඳන්ම පරිස්සම් වෙනවා. අකිලත් මං ගැන සැලකිලිමත් වෙනවා. හිතලා බලලා දරුවට ගන්න ඕනි දේවල් පවා බලලා ලොකු සූදානමකින් වගකීමකින් තමයි දැන් ඉන්නේ.
 
පවුලට එකතුවෙන අමුත්තා දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝටම කලින් මාධවී දැනගත්තා නේද?
ඔව්. අපි අන්තිමට ඩොක්ටර් ගාවට ගිය වෙලාවේ අපිවත් එළියට යවලා අක්කා තමයි ඩොක්ටර්ගෙන් අහගත්තේ අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ඊට පස්සේ පාටි එක දවසේ තමයි අපි දෙන්නා දැනගත්තේ අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා. එතැන හිටපු හැමෝම පුදුම වුණා. හරිම සතුටුයි.
 
අමන්දා දුවකුටද පුතකුටද කැමැත්තෙන් හිටියේ?
දුවෙක් වුණත් කැමැතියි. පුතෙක් වුණත් කැමැතියි. හැබැයි මම ප්‍රෙග්නට් කියලා දැනගත්තම අකිල නම් මුලින්ම කිව්වා දුවෙක් තමයි ලැබෙන්නෙ කියලා. ඉතින් දුවෙක් ලැබෙන එක හොඳයි කියලා හිතුණා.
 
අකිලගේ කාර්යබහුලත්වය එක්ක අමන්දා වෙනුවෙන් කාලය වෙන්කරන්නේ කොහොමද?
කාර්යබහුල වුණත් වෙනදාටත් වඩා අකිල මං ගැන හොයලා බලනවා. මට ගෙදර අස්පස් කරන වැඩ කරන්න අමාරු නිසා එයා ඒ වැඩකටයුතුත් හරි ආසාවෙන් ආදරයෙන් කරනවා.
 
ඒ කියන්නේ අකිල හොඳ සැමියෙක්?
අනේ ඔව්. අකිල ඇත්තටම හරි ආදරණීය කෙනෙක්.
 
පවුලට හා හා පුරා කියලා එකතුවෙන මුනුපුරා නිසා පවුලෙන් වැඩි සැලකිල්ලක් ලැබෙනවා ඇති?
අනේ ඔව්. අම්මා, අප්පච්චී, අක්කා, අයියා, චූටි මල්ලීි, නංගී, අම්මාගේ අප්පච්චීගේ පවුලේ අය පවා හරිම ආදරෙයි මට. කන්න බොන්න වුණත් මොනවා හරි ආසයි කිව්වම පස්සේ දවසෙම ගෙනත් දෙනවා. මං ගැන හැම තිස්සෙම හොයලා බලනවා.
 
ඉරේෂා කල්හාරි සේනාධීර
මව්බිම


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  81 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,062 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,480 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  187 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  450 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  796 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  574 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,927 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  338 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top