දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටින බවයි.
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් මේ වනවිට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර එය මසකින් දීර්ඝ කිරීම ද පසුගියදා සිදුකෙරුණා.
එවන් පසුබිමකයි දුම්රිය සේවකයින් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.
කෙසේ වෙතත්, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද උදෑසන කාලයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.