Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
හෝටලේ පාඩුව මකාගන්න සුරූපි තරුණියක් ඇතුළු තිදෙනෙකු එකම තැන ඝාතනය කළ නරුම යුවළගේ සැහැසි ක්‍රියාව හෙළි වූ හැටි - Photos

- හෝටලේ පාඩුව මකාගන්න සුරූපි තරුණියක් ඇතුළු තිදෙනෙකු එකම තැන ඝාතනය කළ නරුම යුවළගේ සැහැසි ක්‍රියාව හෙළි වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
කිසිදු සාක්ෂියක් නොතියා පලා ගිහින්..
CCTV දර්ශණවලින් සොයා ගත් දේ..
සැලසුම් සහගත ඝාතණයක් බවට හෙළිදරව්වක්..
 
වසන්තවිහාර් පිහිටා ඇත්තේ නවදිල්ලි නගරයට දකුණින් ය. එම ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණ ද රැසක් තිබෙනවා.

ඉකුත් දිනෙක එම තට්ටු නිවාසයක ජිවත්වන පුද්ගලයෙකු දිල්ලි පොලීසියට ඇමතුමක් දුන්නා.
 
ඒ නිවාස සංකීර්ණයේ ජිවත්ව සිටි මහලු යුවළක් හා ඔවුන් සමඟ එහි පදිංචිව සිටි තරුණ සේවිකාව කිසිවකු විසින් ඝාතනය කර ඇති බව සඳහන් කරමිනුයි.

මේ සිද්ධිය දැනගැනීමත් සමඟ දිල්ලි පොලීසියේ නිලධාරින් අදාළ නිවාස සංකීර්ණයට ගියේ විමර්ශන පැවැත්වීම සඳහා යි. 78 හැවිරිදි විෂ්ණු මාතුර්, 75 හැවිරිදි ෂයි මාතුර් හා ඔවුන්ගේ තරුණ සේවිකාව වූ 24 හැවිරිදි කුෂ්බු නෞටියාල් තිදෙනාම මරා දමා තිබුණේ තියුණූ ආයුධ වලින් ගෙල කපා දමමිනුයි.
 
මේ ඝාතනය පිළිබඳ පොලීසිය සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ ඝාතකයින් වසා තිබූ දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇති බවයි. එහෙත් සැකකරුවන් ගැන නිවැරදි තොරතුරක් අනාවරණය කර ගැනීමට කිසිම සාක්ෂියක් නිවසේ තිබුණේ නැහැ.
 
නිවස තුළ මත්පැන් සහිත වීදුරුවක් හා සිගරැට් පැකට්ටුවක් තිබී පොලිසියට හමුවුණා. පොලිසියේ සැකය වූයේ ඝාතකයින් එම නිවසේ පැය කිහිපයක් ගත කර ඇති බවයි.
 
ඝාතකයින් පිළිබඳ කිසිම තොරතුරක් අනාවරණය කරගත හැකි නොවූ තැන, පොලිසියේ විමර්ශන යොමු වුයේ එම නිවාස සංකීර්ණයේ තැනක සවි කර ඇති ආරක්ෂක කැමරා වෙතට යි.
 
ඒ අනුව එම කැමරා පරීක්ෂා කිරීමේදී පිරිමි අයෙකු සහ කාන්තාවක් අලුයම එකට පමණ අදාළ නිවාස සංකීර්ණයට ඇතුල් වන අයුරු පැහැදිලිව සටහන්ව තිබුණා.
 
මේ ඝාතනය නවදිල්ලියේ පදිංචිකරුවන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට මෙම ඝාතන සිදු කළ පිරිස හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාව ඇති වුණා. ඒ අනුව මේ ගැන සෙවීම සඳහා නවදිල්ලි පොලිස් කොමසාරිස් ආනන්ද් මොහාන් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කෙරුණා.
 
මරණ පරීක්ෂණයෙන් පසු මහලු යුවළගේ සිරුරු ඇගේ ඥාතියකු වෙතත් ගෘහ සේවිකාවගේ සිරුර උත්තර්බාද් පදිංචි ඇගේ ඥාතින් වෙතත් භාර දෙනු ලැබුවා.
 
විමර්ශකයින්ගේ අදහස වූයේ ඝාතකයින් මෙය සැලසුමක් අනුව සිදු කරන්නට ඇති බවයි. ගෙල කපා ඔවුන් ඝාතනය කළත් එම ස්ථානයේ ලේ බිඳුවක් හෝ දක්නට නොතිබීමෙන් ඒ බව හෙළි වන බවද දිල්ලි පොලිස් කොමසාරිස්වරයා සඳහන් කළා.
 
කෙසේ වෙතත් පොලිසිය සිදු කළ විමර්ශනයේදී සැක කළේ ඝාතනය කෙරුණු අඹු සැමියන් හොඳින් හඳුනන දෙදෙනෙකු මෙම අපරාධ සිදු කරන්නට ඇති බවයි.
 
තරුණ සේවිකාව මරා දැමීමට මෙම ඝාතකයින් පැමිණ ඇතැයි සැක කළ පොලීසිය ඇය මරා දැමූ පසු සාක්ෂි නැති කිරීම සඳහා නිවසේ සිටි මහලු දෙදෙනා මරන්නට ඇති බවට සැක කළා.
 
එහෙත් එම සැකය දුරු කර ගැනීමට පොලිසියට හැකි වූයේ ඉතා සියුම් ලෙස පරික්ෂණ පැවැත්වීම නිසායි.
 
ඝාතනය සිදු වූ අවස්ථාවේත් මිය ගිය විෂ්ණු මාර්තුර්ගේ ජංගම දුරකථනය ක්‍රියාත්මකව තිබීම පරීක්ෂණවලට සහයෝගයක් වුණා. පොලිසියේ අපරාධ විමර්ශන තාක්ෂණික අංශය මඟින් දුරකථනයට ලැබුණූ ඇමතුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගුර්හවොන් ප්‍රදේශයේ ජිවත් වූ ප්‍රීත් ෂෙෆ්රාවන් නම් කාන්තාවක් ගැන තොරතුරු සොයා ගත හැකි වුණා.
 
ඝාතනය කෙරුණු ෂයි මාතුර්ගේ දියණියක් පොලිසිය ලබා දුන් තොරතුරු වලට අනුව ප්‍රීති දින කිහිපයකට පෙර තම මව වූ ෂාෂී හමුවී කතාබහ කර ඇති බව පොලිසියට සඳහන් කළා.
 
එසේම ප්‍රීති කලකට පෙර ජිවත්ව ඇත්තේ ද මාතුර්ගේ නිවසේ යි. ඉන් අනතුරුව ගුර්ගාවොන් ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින් ප්‍රීති ෂෙහ්රාවත් සැකපිට අත්අඩංගුවට ගත් අතර ඇය සතුව තිබී ෂෂී මාතුර්ට අයත් රන් මාලයක්, දියමන්ති මුද්දක් මෙන්ම මුදල්වලින් රුපියල් 86, 000ක්ද පොලිසිය සොයා ගත්තා.
 
ඇයගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළී වු තොරතුරු අනුව ඇය දිල්ලි නගරයේ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබූ අතර පසුව ඇය හෝටලයේදි හමු වූ තරුණයකු වන මනෝජ් භාත් සමඟ ජිවත්ව තිබෙනවා. එහෙත් හෝටලය දිගින් දිගටම පාඩු ලැබීම නිසා මෙම මහලු ජෝඩුව මරා මුදල් කොල්ලකෑමට ඇය සැලසුම් කර තිබුණා. ඉන්පසු මනෝජ් ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.
 
ඇය සමඟ ජිවත් වූ මනෝජ් භාත් ද මීට වසර 10කට පෙර ඔහුගේ බිරිය ඝාතනය කොට වසර ගණනාවක සිර දඬුවමක් නියම වූ අයෙකු වුණා.
 
මාතුර් යුවළ සහ සේවිකා කුෂ්බු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රීති ෂෙහ්රාවත් හා මනෝජ් භාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කොට ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.
 
රෝහණ ආර්යරත්න
 
මරා දැමුණු මහළු යුවළ 78 හැවිරිදි විෂ්ණු මාතුර්, 75 හැවිරිදි ෂයි මාතුර්. (පහත ඡායාරූප බලන්න.)


 
සේවිකාව වූ 24 හැවරිදි කුෂ්බු නෞටියාල් පහත ඡායාරූපයෙන් බලන්න.


 
ඝාතකයින් ආ ගිය හැටි CCTV දර්ශණ.. (පහත ඡායාරූපය.)


 
ඝාතකයින් පොලිස් දැලට කොටු වූ හැටි..


 
විමර්ශන පැවැත්වෙමින්. (පහත ඡායාරූප.)


 
මෙම ඝාතනය පිළිබඳව එරට මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින් බලන්න.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top