Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
ලංකාවේ වයස්ගතම පියා වසර 109ක් ආයු වළඳා අවසන් ගමන් යයි

- ලංකාවේ වයස්ගතම පියා වසර 109ක් ආයු වළඳා අවසන් ගමන් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
ශ්‍රී ලංකාවේ වයස්ගතම පියා බව කියන ඇඹිලිපිටිය පදලංගල තෝරගල ප්‍රදේශයේ පදිංචිව සිටි පරණලියනගේ දොන් පියදාස මහතා වයස අවුරුදු එකසිය නවයයි මාස හයක් ගෙවා පසුගිය 9 වැනිදා මිය ගියේය.

ඒ මහතාගේ අවසන් කටයුතු මහා පදලංගල ප්‍රදේශයේ මහ සංඝරත්නයේ හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 11 දින ඇඹිලිපිටියේදී සිදුකරනු ලැබිණි.

මියගිය පියදාස මහතාගේ උපන් දිනය 1910 ජනවාරි 13 ලෙස සඳහන්ය. වැඩිහිටි හැඳුනුම්පතක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කර ඇති අතර ඒ අනුව ඒ මහතා මිය යනවිට වයස අවුරුදු එකසිය නවයයි මාස හයක් සම්පූර්ණ වී ඇත.

දරුවන් නව දෙනකුගේ පියකු වන පියදාස මහතා ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේ පියදාස කපු මහත්තයා යන නාමයෙනි. පියදාස කපු මහතාගේ බිරිය හා දරුවන් දෙදෙනෙකු මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ වැඩිමහලු දියණිය හැත්තෑ පස් හැවිරිදි වියෙහි පසුවන අතර බාල පුත්‍රයා පනස් දෙහැවිරිදිය. 

කතරගම මහ දේවාලයේ කපු මහතා ලෙස සේවය කර ඇති පියදාස මහතා පසුව දෙවුන්දර දේවාලයේ, අම්බලන්තොට, බෝලාන, සියඹාලගස්විට, මහනුවර යන ප්‍රදේශවල පිහිටි දේවාලයන්හි කපු මහතකු වශයෙන් කටයුතු කර ඇත. 

තම පියා මීට දින හයකට පමණ පෙර අසනීප තත්ත්වයකින් පෙළුණු බවත් ඒ අවස්ථාවේ වෛද්‍යවරයෙක් හා හෙදියන් කිහිප දෙනකු නිවෙසට පැමිණ ප්‍රතිකාර ලබාදුන් බවත් මියගිය පියදාස මහතාගේ බාල පුත්‍රයා වන පී.එල්.ඒ. මහින්දපාල මහතා පැවැසීය. 

තම පියාට මුනුපුරු මිනිපිරියන් පනහකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් පියා මිය යනතෙක්ම හොඳ කල්පනා ශක්තියකින් ජීවත් වූ බවත් ජීවත්ව සිටින කාලයේ තම දරුවන් ඇතුළු සියලුදෙනාට මෙන්ම ප්‍රදේශයේ කිසිවකුගේ සිත රිදෙන ආකාරයේ වචනයක්වත් පවසා නොමැති ඒ මහතා සමාජ සේවකයෙක් ලෙස විශාල සේවාවක් සිදුකරමින් ජනාදරයට පත්ව සිටි අයෙකි.

"මව්බිම"
සිසිර පීල්ලදෙනිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top