Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී සෑ රදුන් වඳින්න ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් - Video

- ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී සෑ රදුන් වඳින්න ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,451 Views
භික්ෂූන් වහන්සේ - ඔක්කොම බෞද්ධාගමටනේ තහංචි දාන්නේ.

ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී සෑ රදුන්ගේ ආශිර්වාද ලබාගත්තා.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පොළොන්නරුවට පැමිණියා.

පිරිස ප්‍රථමයෙන් පැමිණියේ මැදිරිගිරිය පශ්චිමාරාම විහාරස්ථානයටයි.
 

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණියේ ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී පුදබිමටයි.

සෝමාවතී පුදබිමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක් සිදුකළා.

චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස ආගමික වතාවත් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.

ආගමික වතාවත්වලින් පසුව මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පිරිනැමීම සිදු කෙරුණේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික සෝමාවතී පුදබිමෙන් අනතුරුව පිරිස පැමිණියේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයටයි.

එහිදී ආගමික වතාවත්වල නිරත වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට මහා සංඝරත්නයේ ආශිර්වාද හිමිවුණා.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර හිමියන් බැහැදුටුවා.

ඉස්ලාම් ආගමික ආශිර්වාදය ලබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේ කදුරුවෙල ඉස්ලාම් දේවස්ථානයටයි.

එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පොළොන්නරුව පැරණි ඉසිපතනාරාම විහරස්ථානයට පැමිණ ආගමික වත්වත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ නිවසේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් පැවැත්වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  120 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  35 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  44 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,020 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,582 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,741 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,514 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,800 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,010 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,368 Downloads



Top 10 Commenters

Latest Comments

Top