Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
"අනේ මල්ලි, මාව මඟ දාලා යන්න එපා. ලොකු කරදරයක ඉන්නෙ මං.." - හැමෝගෙම ඇස්වහලා ගණිකා මඩමෙන් පැන ගිය සංජුව ගෙදර බෝඩිමේ නවතාගෙන ලිංගිකව එක්වූ සංඛට ජීවිතයෙන් විඳවන්න වෙයි - Video

- "අනේ මල්ලි, මාව මඟ දාලා යන්න එපා. ලොකු කරදරයක ඉන්නෙ මං.." - හැමෝගෙම ඇස්වහලා ගණිකා මඩමෙන් පැන ගිය සංජුව ගෙදර බෝඩිමේ නවතාගෙන ලිංගිකව එක්වූ සංඛට ජීවිතයෙන් විඳවන්න වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,207 Views
මැඩම් මාව විකුණන් කනවා, යන තැනක් දන්නේ නෑ..
අපි දෙන්නා ටික කලක් යද්දි එකට ඉන්න පටන් ගත්තා..
මට හොඳ කස්ටමස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා..
 
උපතේ සිට මරණය දක්වා අපි ගත කරන ජිවිත කාලය තුළ අපට අතරමඟ බොහෝ අය මුණ ගැහෙනවා. අපි බොහෝ සම්බන්ධතා ගොඩ නඟා ගන්නවා. නමුත් ඒ අතරින් සමහරක් දෙනා අතරමඟ මේ සම්බන්ධතා නවත්තලා දාලා අපිව හැර යනවා. තවත් කෙනෙක් ඒ සම්බන්ධතා ඉතාම ආදරෙන් රකිනවා.
 
මේ විදිහට තමන් ලැබූ ජිවිතයේ නිදහස උපරිමයෙන් අත් විඳි තරුණයෙක් හිටියා. නමුත් අවාසනාවකට අද අපි අවදි කරන්න යන මතකය ජිවිතේ වරද්දගත්තු තැන ගැන මතකයක්... එහෙමනම්... හැඟීම් ගණුදෙනුවට පෙර මොහොතක් හිතන්න.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 93 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව සංඛ ගැනයි...

සංඛගේ පවුලේ හිටියේ සංඛයි, අම්මයි, අයියයි. තාත්තා පුංචි කාලේදිම මිය ගිහින් තිබුණා. එකම අයියත් හිටියේ විදෙස්ගත වෙලා. සංඛ ඉගැනීම ඉවර වෙලා ගෙදරට වෙලා නිකරුණේ කාලය ගත කළේ නිදහස උපරිමයෙන් විඳින්න කියලා හිතාගෙනයි.
 
රැකියාවක් කරන එක තමන්ගේ නිදහස අහිමි කරගැනීමක් කියලයි සංඛ විශ්වාස කළේ. ඒත්... සංඛ මේ විදිහට කාලය කා දමන එක අම්මට නම් ඉවසුම් දුන්නේ නැහැ. ඇය නිතරම සංඛට බැන්නේ හැකි ඉක්මනින් රැකියාවක් හොයාගන්න ලෙස බල කරමින්.
 
යොවුන් වියේ පසුවන සංඛට ඒ වෙද්දි ආදරවන්තියකුත් හිටියා. ඇය නමින් ලක්මිණි. අහඹු මුණගැහීමකින් සංඛගේ හිත ගත්ත ලක්මිණි කියන්නේ අහිංසක, චාම් කෙල්ලක්. ඇයත් තමන්ගේ පෙම්වතාට නිතරම කිව්වේ "ඉක්මනින් රැකියාවක් හොයාගෙන පිළිවෙලක් වෙන්න.." කියලයි.
 
අම්මාගේ බල කිරීමත්, පෙම්වතියගේ අඳෝනාවත් නිසා සංඛ රැකියාවක් කරන්න තීරණය කරනවා. ඒ රට ඉන්න සංඛගේ සහෝදරයා එවන මුදල්වලින් ත්‍රීරෝද රියක් මිලට ගනිමින්. ආර්ථික ප්‍රශ්න එන්න එන්නම දරුණු නිසා සංඛගේ අම්මත් නිතරම කිව්වේ ගෙදර ඉතිරි වෙලා තියෙන කාමරේ බෝඩිමක් විදිහට කුලියට දෙමු කියලයි.
 
රැකියාව ලැබුණත් එක්කම සංඛගේ අතමිට සරු වුණා. ඔහු උපරිම සතුටින් කාලය ගෙව්වා.
 
දවසක්... එක් තරුණියක් කලබලයෙන් වගේ දුවන් ඇවිත් සංඛගේ රෝද තුනට ගොඩ වෙනවා. සංඛත් දෙපාරක් නොහිතා තමන්ට ලැබුණු 'හයර්' එක ගැන හිතලා රථය ධාවනය කරනවා. ටික වෙලාවක් යද්දි සංඛට තේරෙනවා මේ කාන්තාව පාර තොට කියන්නෙත් කිසි අරමුණකින් තොරව බව. ඇය මොකක් හරි දේකින් පැනලා යන බව සංඛට තේරුණා.
 
ඒ නාඳුනන කාන්තාව සංඛට ආයාචනා කළා තමන්ව බේරලා දෙන්න කියලා. තමන්ව ගණිකා වෘත්තියේ යොදවන්න එක්තරා 'මැඩම්' කෙනෙක් උත්සහ කළ බව තමයි ඇය කියන්නේ. එතනින් බේරිලා පලා ආ වග කිව්වම සංඛ ඒක විශ්වාස කරලා ඇයට පිහිට වෙන්න හිතුවා.
 
නමුත්... ඇයව ගෙදර ගෙනියන එක ප්‍රශ්නයක්. එක්වරම සංඛට මතකයට එන්නේ අම්මා කියපු බෝඩිම් කාමරයක් කුලියට දෙන කතාව. තමන්ගේ යාලුවාගේ පෙම්වතිය මැය බව අඟවමින් සංඛ ඇයව අම්මට අඳුන්වලා දෙනවා. මේ නාඳුනන කාන්තාව නමින් සංජු.
 
සංඛ ඇයට රැකියාවක් පවා හොයලා දෙනවා. ඒ අතරතුරදී සංජු හා සංඛ අතර හොර රහසේ සම්බන්ධයක් ඇති වෙනවා. ඒ ඇත්තටම ආදර සම්බන්ධතාවයකට එහා ගිය කායික සම්බන්ධතාවයක්. නිවසේ සංඛගේ අම්මා ඉද්දිම මේ දෙදෙනා සංජුට වෙන් කරලා තිබුණු බෝඩිම් කාමරයේ ලිංගිකව එකතු වෙන එක පුරුද්දකට කරගෙන ගියා.
 
කාලය මෙහෙම ගතවෙද්දි... තමන් හොයලා දුන්නු 'කොමිනියුකේෂන්' එකේ රැකියාවට අමතරව 'ගණිකාවක්' විදිහට සංජු හොර රහසේම රැකියාවක් කරන බව සංඛ දැන ගන්නවා. ඇගෙන් ඒ පිළිබඳව අහද්දි ඇය ඒක පිළිගන්නවා.
 
සංඛ මේ දෙයින් කම්පනයට පත් වෙනවා. ඒ වගේම තමයි සංඛගේ ආදරවන්තියත්, සංඛගේ ගෙදර නැවතිලා ඉන්න බෝඩිම්කාරිය, 'ගණිකාවක්' බව දැනගන්නවා. මේ නිසාම ඒ ආදර සම්බන්ධතාවයත් දෙදරා යන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ.
 
කොහොම නමුත්, මේ සම්බන්ධකම් අතරේ අතරමං වුණු සංඛ අවසානයේ සමාජ රෝගියෙකු බවට පත්වෙන්නේ හීනෙකින්වත් නොසිතූ අයුරිනුයි.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
අනූෂාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  84 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,063 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,482 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  188 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  797 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  577 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,930 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top