Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
"ඒ මොහොතේ මම එයාට කිව්වා මම ආවා බය වෙන්න එපා කියලා.." - මනමාලියක් වෙන්න මොහොතකට පෙර හෘදයාබාධයකින් මිය ගිය ජෙසිකා මාස දෙකකට පසුව දරුවා බිහි කරයි

- "ඒ මොහොතේ මම එයාට කිව්වා මම ආවා බය වෙන්න එපා කියලා.." - මනමාලියක් වෙන්න මොහොතකට පෙර හෘදයාබාධයකින් මිය ගිය ජෙසිකා මාස දෙකකට පසුව දරුවා බිහි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,238 Views
Jessica Guedes කියන්නේ වයස අවුරුදු 30ක සුරූපී යුවතියක්. ඇය වර්ෂ ගණනාවක් ආදරේ කර තිබෙන්නේ 31 හැවිරිදි Flavio Gonçalvez ට. මේ දෙන්නගේ ආදරේ මැදට තුන් වැන්නෙක් එකතු වෙන්න මාස දෙකක් වගේ කාලයක් තිබු නිසා ඔවුන් විවාහ වෙන්න තීරණය කරනවා.

ඒ වනවිට හයමස් ගැබිණියක් වූ ජෙසිකා මනාළියක් ලෙස විවාහයට දිවියට ඇතුළත් වෙන්න සියල්ල සුදානම් වුනා. මනාළියක් ලෙස සැරසුණු ජෙසිකා විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට යමින් හිටියේ විනාඩි තිහක කාලයකින් පෙම්වතා ආදරණිය සැමියා කරගැනීමේ සිහිනය දකිමිනුයි.

නමුත් විවාහයට විනාඩි 30ක් තිබියදී ගමන් කරමින් සිටි වාහනයේම ඇය සිහි නැතිවී වැටෙනවා.  වහාම වෛද්‍යවරයෙක් වෙත ඇයව රැගෙන ගොස් හදිසි ප්‍රතිකාර සදහා ජෙසිකාව යොමු කර තිබෙනවා. ප්‍රතිකාර අතරතුර දැනගන්න ලැබෙනවා ඇයගේ මොළය මියගොස් ඇති බවත් ඊට හේතුව ඇයට හෘදයාබාධයක් ඇතිව තිබෙන බවයි. වහාම ඇයව රෝහල් ගත කිරීමටත් පණ ගැහෙන සිරුර තුළ  මාස 6ක දරු ගැබක් ඇති හෙයින් ඒ දරු ගැබ ආරක්ෂා කිරීමටත් වෛද්‍යවරුන් තීරණය කරනවා ඒ හේතුවෙන් ජෙසිකාව රෝහල්ගත කර කෘතිමව ඇයව ජිවත් කරවීමට කටයුතු කරනවා. ඒ හරියටම මිට මාස දෙකකට පෙර. පසුගිය ඉරිදා දින ඇය සදහටම සමු ගත්තා. ඒ සැත්කමකින් දරුවාව මොලොවට ගත් පසුවයි. ජෙසිකා මිය ගියත් ඇයගේ ලෙයින් උපන් දරුවා මේ වෙද්දී එම රෝහල නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දියණියක් උපන් සතුටත් ආදරණිය පෙම්වතිය ජිවිතයෙන් සමුගත් දුකත් හිතේ රදවාගෙන ජිවත් වෙන ජෙසිකාගේ ආදරණිය පෙම්වතා Flavio කියන්නේ මෙහෙම කතාවක්,

"ඇයගේ ජිවිතේ නැති වුනා. ඒ ගැන මට තියෙන්නේ පුදුමාකාර දුකක්. මම එදා පල්ලියේ බලාගෙන හිටියා එයා එනකල් මගේ මනාලිය කරගන්න නොවිසිල්ලෙන්. ජෙසිකාට සිහිය නැති වූ බව මට දැනගන්න ලැබුනේ මගේ නෑදෑයකුගෙන් . මම වහාම ඇයව බලන්න ගියා. ඒ මොහොතේ ඇයට සිහිය තිබුනා. මම ඇයට ලං වෙලා කිව්වා බබා මම ආවා. ඔයා බයවෙන්න එපා හැමදේම හරියයි කියලා කිව්වා . ඒ මොහොතේ එයා අපහසුවෙන් මට උත්තර දුන්නා. එයා කිව්වා බෙල්ලේ පිටුපස දැඩි වේදනාවක් ඇති බව. ඒ වෙද්දී එයා මාස හයක ගැබිණියක් නිසා ඇයට ගර්භනී සමයේ ඇතිවෙන අධි රුධිර පීඩනය ඇති වෙලා තිබුනා. සුළු මොහොතකින් යළිත් සිහිය නැති වුනා. ඒ වෙද්දී වෛද්‍යවරයා පරික්ෂා කරලා කිව්වා එයාට හෘදයාබාධයක් ඇති වෙලා මොළේ මිය ගිහින් තියෙන්නේ රෝහලකට රැගෙන යන්න කියලා. එයාව මාතෘ රෝහලකට රැගෙන ගියා. නමුත් ජිවත් කරවන්න බැරි බවත් දරුවාගේ ජිවිතේ බේරා ගන්න ඕන නිසා කෘතිමව ජෙසිකාව මාස දෙකක් ජිවත් කරවන්න තීරණය කළා. පසුගිය ඉරිදා අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ශල්‍ය වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමෙන් පසුව බබව එලියට ගත්තා. සති 29කට පසුව තමයි බබාව සිසේරියන් සැත්කමෙන් ගත්තේ. බබාගේ බර ග්‍රෑම් 950යි. ජෙසිකා නැතුව මට බබව ජිවත් කරවන්න වෙලා.."










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  158 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  253 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  995 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,724 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  4,000 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  369 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,286 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,939 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,345 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,943 Downloads



Top 10 Commenters

Latest Comments

Top