අප මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙලෙස හදිසියේ අමාත්‍ය මණ්ඩලය කැඳවීමට හේතුව දැනුම් දී නොමැති බවයි.
මෙලෙස හදිසියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අතර, කථානායක කරූ ජයසූරිය සහ විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රිවරයාද ඊට මැදිහත්වුණා.
මේ අතර ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ කථානායක කරූ ජයසූරිය හමුවී තිබෙනවා.
කථානායක නිල නිවසේ පැවති මෙම හමුවේදී අමාත්‍යවරයා කථානායකවරයාට ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ තීරණයට එකඟ විය නොහැකි බවයි.
එය සිදුවිය යුත්තේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 106 දෙනා ඉදිරියේදී බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
එම ක්‍රියාවලිය සඳහා මැදිහත් වන ලෙසටයි අමාත්‍ය පාඨලී චම්පික රණවක කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි සඳහන් කළේ.