බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලට සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවලට ඇතැම් අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 - 80 දක්වා ඉහල යා හැකියි.