හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලක අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන තනතුරුවලට අභිෂේක ගැන්වීම අද සිදු කෙරෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී එම උත්සවය පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය මස 5 වනදා නිකුත් කර තිබුණා.
ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සිදුකළ සේවය ඇගයීම සඳහා ඔවුන්ට මෙම තනතුර පිරිනමනු ලැබුවා.