රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ සත්‍යග්‍රහය සදහා මේ වනවිට තවත් සංවිධාන රැසක් සිය සහය පළ කර ඇති අතර, අඛණ්ඩව දිවා රාත්‍රි ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැදී සිටිනවා.
සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ඊයේ රාත්‍රියේ දුම්රියපොළ ඉදිරිපිට ගීත ගායනා කිරීම සංවේදී දසුනක් වුණා.
අනතුරුව ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු අලුයම 4 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හිඳ ගනිමින් නැවතත් සිය විරෝධය පළකළ අතර, උදෑසන ඇද හැලුණු අධික වර්ෂාව මධ්‍යයේ ද ඔවුන් එම ස්ථානයේ රැදී සිටියේ මෙලෙසින්.
මේ අතර, කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැදී සිටි තවත් ආබාධිත රණවිරුවන් කිහිපදෙනෙකු සිය ඉල්ලීම් නොලැබුණහොත් ගිනි තබා ගනිමින් සියදිවි හානිකර ගන්නා බවට සිදුකල ප්‍රකාශයක් අනුව එම ස්ථානයට කොළඹ ගිනි නිවීමේ රථ ද කැඳවා තිබුණා.
කොටුව පොලිසියේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන් කිහිපදෙනෙකු සහ රණවිරු බිරිඳක් පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන යන්නේ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සමග සාකච්ඡාවක් සඳහායි.
සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි නියෝජිතයන් අදහස් පළ කළා.
අනතුරුව එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ පැමිණ ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව එම ස්ථානයේ හිද ගනිමින් සත්‍යග්‍රහයට සිය සහය පළ කළා.
මෙහිදී ආබාධිත රණවිරුවන් විසින් භික්ෂූන්වහන්සේ උදෙසා දහවල් දානය පිළිගැන්වූවා.
සත්‍යග්‍රහයේ නිරතව සිටි ආබාධිත රණවිරුවෙක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ගිලන් රථයක් කැඳවා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළා.
මේ අතර, කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලුවා.
මේ අතර, සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන් ඇතුළු සංවිධාන 13කට ජනාධිපති කාර්යාලය, ජනාධිපති නිල නිවස, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය සහ ආරක්ෂක අමාත්‍යාංශයට ඇතුළු වීම වළක්වමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ අධිකරණ නියෝගය නොතකමින් කොළඹ කොටුවේ සිට ලෝටස් වටරවුම හරහා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය සහ විරෝධතාවයේ නිරත භික්ෂූවහන්සේ අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. VIDEO