මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර සහ සායනික කටයුතුවලට පලපෑම් එල්ල වූණා.
වෛද්‍ය වර්ජනය හේතුවෙන් දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ කටයුතුවලටද බාධා සිදු වුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් දිවයිනේ සෙසු පළාත්වල පිහිටි ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල් සහ පර්යන්ත රෝහල්වල කටයුතුද වලටද බාධා සිදු වුණා.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙම සංකේත වැඩවර්ජනය මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල් අංශ සහ අත්‍යවශ්‍ය සේවාවන්හී ක්‍රියාත්මක වූයේ නැහැ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වුණා.
කෙසේ වෙතත් වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කළා.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළකළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ චෝදනාවන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවත්වමින් පිළිතුරු ලබා දුන්නා.
මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව සඳහන් කළා.
මේ අතර රජයේ සේවකයින්ට වැඩි කළ රුපියල් 2500 ක දීමනාව ශ්‍රී ලංකා ගමනාගමනා මණ්ඩලයේ සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රීලංගම වෘත්තිය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.
වර්ජනයට එක්ව සිටින ලංගම සේවකයින් අද දහවල් විරෝධතා පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක භාරදීම සඳහා පැමිණියා.
කෙසේ වෙතත් පොලිස් මාර්ග බාධක හේතුවෙන් නියෝජිතයින් 5 දෙනෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව හිමි වුණා.
මේ අතර, පානදුර ඩිපෝවට අයත් පානදුර සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් වර්ජනය අතරතුර මාවනැල්ල නගරයේදී විරෝධතාවට එක්ව සිටි ලංගම සේවකයින් පිරිසක් විසින් නවත්වා එහි රියදුරු ඉවත්ව කර මගීන්ට ඉතුරු මුදල් ලබාදීම සිදු කළේ මෙලෙසින්.
මේ අතර, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අඛණ්ඩව 10 වන දිනටත් වර්ජනයේ නිරතව සිටින විශ්වවිද්‍යාල වෘතීතිය සමිති එකමුතුව අද කොළඹදී විරෝධතාවක් සිදුකළා.
නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටින් සිය පාගමන ආරම්භ කළ විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළ අතර ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.
අනතුරුව විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ විරෝධයේ නිරත වුණා.
මේ අතර, වැටුප් දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහවැලි ඉංජිනේරු සංගමය ද සිය 50 වසරක වෘත්තීය ඉතිහාසයේ ප්‍රථම වරට අද කොළඹදී විරෝධතාවක නිරත වුණා. VIDEO