Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
18
"ඉස්සර මිනිස්සුන්ට ජීවිතේ විඳින්න කාලයක් තිබුණා. දැන් නම් සතියකට දවස් 10ක් තිබුණත් මදි..." - හසිනිකා කරලියද්ද

- "ඉස්සර මිනිස්සුන්ට ජීවිතේ විඳින්න කාලයක් තිබුණා. දැන් නම් සතියකට දවස් 10ක් තිබුණත් මදි..." - හසිනිකා කරලියද්දHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views
"ඒ තරමටම මිනිස්සු කාර්යබහුල වෙලා.."

"මම එයාව බැන්දෙත් නිලියක් විදිහට ඉද්දි.."

වේදිකාවෙන් හා පුංචි තිරයෙන් රසික හදවත් තුළ නමක් රැඳවූ ඈ හෂිනිකා කරලියද්ද . ඇගේ සැමියා කුමාර දිසානායක. හමුදා නිලධාරියෙක්. දූලා දෙන්නත් එක්ක රංගන ජීවිතයේ කටයුතු ඇය සමතුලිත කරගන්නෙ බොහොම පරිස්සමින්. මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම දකින්න ලැබෙන ඔහු ගැනයි මේ.

ඔබ කාලයක් ක්ෂේත්‍රයේ දකින්න ලැබුණෙ නැහැ?
නැතුවමත් නෙමෙයි. වැඩ කරනවා. චැනල් වැඩි නිසා තමයි එහෙම වෙන්නේ. නාට්‍ය කිහිපයක ඉන්නවා. චැනල් ගණනාවක් ම තියනවනේ. ප්‍රේක්ෂකයන්ගේ රුචි අරුචිකම් අනුව ඒ ඒ චැනල් තෝරා ගන්නවා‍.

අද හැදෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට ගැන සතුටු විය හැකිද?
නිර්මාණ වැඩි වුණත් එහි ගුණාත්මක භාවය අඩුවෙලා. සමහර දක්ෂයින්ට යොදවන්න මුදල් නැහැ. සමහර නළු නිළි‍යන් සුළු මුදලකට වුණත් රඟපාන්න කැමැතියි, ජනප්‍රියත්වය ලැබෙන නිසා. එතකොට කොහොමද කලාවක් රැ‍ඳෙන්නෙ.

ඕනෑම කෙනෙකුට සල්ලි තියනවා නම් නාට්‍යයක් කරන්න පුළුවන් තත්ත්වයක් අද තියෙන්නේ. චිත්‍රපට නම් අතළොස්සයි හොඳ නිර්මාණ දකින්න ඇත්තේ. 70 දශකයේ සිනමා කෘතිවල තිබූ ගම්භීරත්වය අද කාලේ චිත්‍රපටවල නැහැ. අතීත නිර්මාණ සමහරක ගීතය අහද්දි අපට ඒ චිත්‍රපටය ටෙලි නාට්‍ය මතක් වෙනවා. අද එහෙම අනන්‍යතාවයක් නැහැ. සමහර ටෙලි නාට්‍ය ඇත්තටම නාට්‍ය ද කියලා හිතෙනවා. කඩුල්ල, ගිරය වගේ කෘති අදටත් අපගේ මතකයේ රැ‍ඳෙනවා.

අද බිහිවන නිර්මාණ එකම රාමුවකට කොටුවෙලා. එක්කෙනෙක් ළමා චිත්‍රපටයක් කළොත් අනිත් අයත් ඒ වගේ ම කරන්න තමයි උත්සාහ කරන්නේ.

ඒක නෙමෙයි විය යුත්තේ. ‘සත්පුර වැසියෝ’ වගේ නාට්‍ය අදටත් මිනිස්සුන්ට මතක තියනවා. ඇතැම් අය තවමත් මාව අමතන්නෙ ‘පද්මිණී’ කියලා. හොඳ නිර්මාණ කළොත් ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්නවා. මිනිස්සු චැනල් මාරු කර කර, හොඳ නිර්මාණ සොයා යනවා. ඒ වගේ ම ඉස්සර මිනිස්සුන්ට ජීවිතේ විඳින්න කාලයක් තිබුණා. දැන් නම් සතියකට දින 10ක් තිබුණත් මදි. ඒ තරමටම මිනිස්සු කාර්යබහුල වෙලා...”

සති අන්තයත් හරිම කාර්ය බහුලයි. අමතර වැඩ සේරම යොදා ගන්නේ සති අන්තෙට. පාසල් ළමයිට වුණත් කිසිම විවේකයක් නෑ. සතියේ දිනවලට අමතරව සති අන්තෙත් පන්ති.

රසවින්දනයක් ලබන්න ඉඩක් නැහැ. ඒත් සමහර දෙමවුපියෝ මොන තරම් ආර්ථික අපහසුකම් තිබුණත් හොඳ චිත්‍රපටයක්, හොඳ නාට්‍යයක්, ආදර්ශවත් සිනමා කෘතියක් තිබුණොත් ළමුන්ට පෙන්වනවා. ළමා මනසට අපි දෙයක් දෙද්දී නිවැරැදිම දෙයක් දිය යුතුයි. රස වින්දනය නිවැරැදි නොවුණහොත් ලබන්නේ වැරදි අවබෝධයක්නේ.

ඔබගේ සැමියා හමුදා නිලධාරියෙක්නේ. කොහොමද ගෙදර වැඩ කටයුතුත් එක්ක රංගනය හරියට කරගන්නේ?
මගේ සැමියා කුමාර දිසානායක‍. හමුදා නිලධාරියෙක්. ලොකු දුව තෙනුරි අමා දිසානායක 6 වැනි වසරේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ. පොඩි දුව තිනෙති ලක්ෂා දිසානායක 3 වසරේ ඉගෙන ගන්නවා. ගෙදර දොර කටයුතු දරුවන්ගේ ‍වැඩ සියල්ලක්ම මා අතින් තමයි කෙරෙන්නේ.

මගේ රංගන කටයුතුවලට සැමියාගෙන් සහාය ලැබෙනවා. එයා බඳින කොටත් මම කලාවෙනේ හිටියේ. හොඳ රසවින්දන ශක්තියක් තියනවා. එයා රාජකාරිය දේවකාරිය වගේ කරන කෙනෙක්. ගෙදර නිවාඩුවට ආවහම මට වෙන්නේ බබාලා තුන්දෙනෙක් බලාගන්න තමයි.

මම රඟපාන්න යන්නේ දරුවන්ගේ වැඩ සියල්ලම කරලා තමයි. මගේ පවුලේ වැඩ කටයුතුවලට මගේ අක්කා අනුලා කරලියද්ද උදව් වෙනවා. එයාගෙන් මේ තරම් සහායක් නොලැබුණා නම් මට මේ හැම දෙයක් ම සමබරව ගෙනියන්න නොහැකි වෙනවා. ඇත්තටම කුමාර දරුවන්ගේ යුතුකම් හැමදෙයක් ම ඉටු කරනවා. අක්කා මට ලොකු ශක්තියක්.
ඉදිරියේදී හොඳ නිර්මාණ ලැබුණොත් දායක වෙනවා. ඒත් හැමදේටම වඩා මුල් තැන දෙන්නේ දරුවන්ගේ වැඩවලට. මොකද දරුවන් හොඳ පුරවැසියන් කළොත් තමයි සමාජයට වගේ ම පවුලටත් වඩා යහපතක් සිදුවන්නේ...”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top