ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 8කටට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ඇතුළු පාර්ශව 13කට නියෝගයක් නිකුත් කළා.
ඒ, කොටුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව ජනාධිපති නිල නිවස, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලටද ඇතුළු වීම තහනම් වනු ඇති.
මේ අතර, රජයේ සේවකයින්ට වැඩි කළ රුපියල් 2500 දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනයේ නිරත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ද කොටුව - ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.