අවුරුදු පහයි මාස නවයක් වයසැති සිගිති දියණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට පත්වූයේ කළුතර උතුරේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි සදහන් වන්නේ.
පසුගිය දිනක සිය දියණියගේ අසාමාන්‍ය රෝගී ලක්‍ෂණයක් දැක මව දැරිය රැගෙන වෛද්‍යවරයෙක් හමුවට ගොස් ඇති අතර එහිදී ඉක්මනින් රෝහල්ගත කරන ලෙස වෛද්‍යවරයා දැනුම් දී තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් පසු දැරිය ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට ඇය පරීක්‍ෂා කළ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර ඇති බවත් සදහන්.
25 හැවිරිදි මව දැරියගෙන් විමසීමේදී යාබද නිවසක අයියා විසින් හිරිහැර කළ බැවි දැරිය පවසා ඇති බවට පැමිණිල්ලේ සඳහන් වෙයි. සැකකාර පාසල් සිසුවා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරික්‍ෂණ පවත්වයි.