රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට එක්දින සංකේත වර්ජනයක නිරතවනවා.
එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ මාතෘ, වකුගඩු, පිළිකා සහ ළමා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි.
විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 9 ක් ගත වනවා
මේ අතර වැටුප් ගැටළුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සිදුකරන සත්‍යග්‍රහයට අදට දින 9 ක් ගතවනවා.
ඊයේ පස්වරුව 6ට පමණ විරෝධතාවයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ගෙන් පිරිසක් ජනාධීපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගත්තා.
එමෙන්ම, වැඩි කළ රුපියල් 2500 ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගමනගමන මණඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සමන් පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඩිපෝ 80ක සේවකයින් මේ වන විට වර්ජනයට එක්ව සිටින බවයි.