Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
"පැය ගණනක් තිස්සේ වරින් වර පිරිමි දෙදෙනෙක් මාව දුෂණය කළා.." - ගබ්සාව වෙනුවට ජීවිතය තෝරාගත් දොලොස් වියැති අම්මා වසර 23 කට පසුව කියන සංවේදී කතාව

- "පැය ගණනක් තිස්සේ වරින් වර පිරිමි දෙදෙනෙක් මාව දුෂණය කළා.." - ගබ්සාව වෙනුවට ජීවිතය තෝරාගත් දොලොස් වියැති අම්මා වසර 23 කට පසුව කියන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,741 Views
තැලී පොඩිවුණු, නිරුවත් කයින් යුතුව ඇය පාර අයිනේ වැතිර සිටියාය. පැය කිහිපයක් තිස්සේ ඇයට දස වධ දෙමින් ඇයව දූෂණය කළ මිනිසුන් දෙදෙනා ඇයව මැරෙන්නට අතහැර යන්නට ගියහ. ඇයට යලිත් නැගිට ගන්නටවත්, කිසිවෙකුගෙන් උදව් ඉල්ලාගන්නට යන්නටවත් පුළුවන් කමක් තිබුණේ නැත. තමා තව දුරටත් ජීවත් නොවෙනු ඇතැයි ඇයට සිතිණ. ඇය වරින් වර සිහි නැතිවූවාය. වරෙක සිහි නැතිව ගොස් යලිත් වරක් සිහිය එන විට ඇය උන්නේ සුදු පැහැ රෝහල් කාමරයකය.

ඇගේ ජීවිතය බේරී තිබිණ. එහෙත් තැලුම් බිදුම් මහ ගොඩකි. ගෙලත් මුහුණත් සීරුම් හා කැපුම් පහරවල් වලින් තුවාල වී ගොසිනි. මුළු ශරීරයම බිදී ගියාක් බදුය. ඒ සියල්ලට වඩා තුවාල වී තිබුණේ ඇගේ මනසටය.

ඒ වන විට ඇගේ වයස අවුරුදු දොලහකි. ඉතින් මේ පුංචි දැරිය, ලියානා ලේ, තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම නිසා දැඩි කම්පනයකට පත්ව උන්නාය. ඇයට නිදා ගන්නට නොහැකි විය. ඒ බිහිසුණු මතකය සිහින වලට කඩා වැදී ඇගේ නින්ද පලවා හැරියේය. ඇයට අවදිව සිටින්නටද නොහැකි විය. පුංචි ශබ්දයකට පවා ඇය බිය වූවාය.

ඒ තත්වයෙන් යාන්තම් හෝ ගොඩ එන්නට ඇයට මාස ගණනාවක් තිස්සේ රෝහලේ නැවතී ප්‍රතිකාර ගන්නට සිදු විය.

ලියානාගේ කම්පනයට පත් වූ සිත සුවපත් කරන්නට වෛද්‍යවරුන් වෙහෙසෙද්දී, ඇගේ කය යලිත් රෝගාතුර විය. ඇගේ කෑම රුචිය නැති විය. වමනය ඇති විය. මුහුණ පිපිහළු වී ගියේය. යලිත් වරක් ඇගේ කය පරික්ෂාවට ලක් කෙරිණ.

ඇයට සිදුවුණු අතවරයෙන් ඇගේ ජීවිතයට අලුත් කැලළක් එක්ව ඇති බව වෛද්‍යවරු නිවේදනය කළහ. ඇය ගැබ්ගෙන ඇත.

එහෙත් ඒ කැළල සරල ප්‍රතිකර්මයකින් සුවපත් කළ හැකිය. ප්‍රතිකර්මය ගබ්සාවයි. දූෂණයට ලක්වීම නිසා ගැබිණි බවට පත් වන කාන්තාවන්ට ගබ්සාවක් කරන්නට එරටදී නීත්‍යානුකූල අයිතියක් ඇත.

“අපිට පුළුවන් මේ ප්‍රශ්නය ලේසියෙන් විසදගන්න.. බය වෙන්න එපා.. ඔයාට එහෙම කරන්න අයිතියකුත් තියෙනවා..” වෛද්‍යවරයා ලියානාට පැවසීය.

මානසික කම්පනයකට ලක්ව උන් දොලොස් හැවිරිදි දැරියක වුවද, ලියානා බුද්ධිමත්ය. මේ කළලයද ජීවිතයකි. කිසිවෙකු තමන්ගේ ජීවිතයට අපරාධයක් කළ පමණින්, තවකෙකුගේ ජීවිතයකට අපරාධයක් කරන්නට තමාට අයිතියක් නැති බව ඇය සිතුවාය.

ඇය වෛද්‍යවරයාගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.

“මං එහෙම කළොත්, මගේ මේ වේදනාව නැති වෙනවද..? ඒ වෙච්ච දේවල් මට අමතක වෙනවද..?”

“නෑ..”

“ඒ දෙකම වෙන්නෙ නැත්තම් මං ඇයි එහෙම කරන්නෙ..? මගේ ඇග ඇතුලෙ දැන් පුංචි බබෙක් ඉන්නවා.. එයාගෙ ඇත්ත තාත්තා කවුද කියලා මං දන්නෙ නෑ.. ඒත් එයාගෙ අම්මා මමනෙ.. අම්මලා එහෙම කරන්නෙ නෑනෙ..”

ඇය කියා සිටියේ තමා තුල වැඩෙන දරුවාට ජීවත් වෙන්නට ඉඩ දිය යුතු බවය.

ලියානාව කොතරම් දරුණු ලෙස වධහිංසා සහිතව දූෂණය කර තිබුණාද යත්, වෛද්‍යවරුන් ඇගේ මරණය වලක්වාගත්තේද අසීරුවෙනි. ඒ අසීරු කාලයත් බිහිසුණු මතකයත් නිසා ලියානා සිටියේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PSTD) නම් මානසික රෝගයෙන් පීඩා විදිමිනි. ඒ නිසා ඇයට වරින් වර “දැන් ඉතින් ජීවිතයෙන් පලක් නැතැයි” සිතිණ. කිහිප වරක්ම ඇයට සිය දිවි හානි කරගන්නට සිතිණ.

සියදිවි හානිකරගන්නටම සිතෙන හැම විටකම ලියානාව එයින් වැලැක්වූ එක් කාරණයක් විය. ඒ ඇගේ කුස තුළ වැඩෙන ජීවියාගේ ජීවිතයයි. තමා සිය දිවි නසාගත හොත් නැති වෙන්නේ ජීවිත දෙකක් බව සිතමින් ඇය සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල හැම විටෙකම වලක්වා ගත්තාය.

“මං එයාගේ ජීවිතය බේරගත්තා වගේම එයා මගේ ජීවිතයත් බේරගත්තා. එයා ඉපදුණාම, හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා හිටපු මගේ ජීවිතේට එයා අලුතින් බලාපොරොත්තු ගේන්න පටන් ගත්තා. මට ඕන වුණා ආයෙමත් ඉගෙන ගන්න. මගේ දුවට ඕන දේවල් අරන් දෙන්න වැඩ කරලා හම්බ කරන්න.. අර භයානක සිදුවීමෙන් පස්සේ කාත් එක්කවත් කතා කරන්නවත් අකමැතිවුණ මට කතා කරන්න, හිනාවෙන්න, සතුටු වෙන්න මගේ දුව මං ලග හිටියා.. එයා මගේ හිත සුවපත් කළා..”

එහෙත් ලියානා ගත් මේ තීරණය දූෂණයට පත්ව ගැබ්ගත් කාන්තාවන් අතර විරල තීරණයක්ද නොවේ.

දූෂණයට ලක්ව ගැබ් ගත් කාන්තාවන් ඇසුරෙන් ආචාර්ය සැන්ඩ්‍රා මාකෝන් කල සමීක්ෂණයකට අනුව ඒ කාන්තාවන්ගෙන් 70% - 80% ක් පමණම ගබ්සාවට කැමති වූයේ නැත. එයට හේතුව ලෙසින් ඔවුන් කියන්නේ දූෂණය මෙන්ම ගබ්සාවද තම ශරීරයට කරන හිංසාවක් බවයි. එමෙන්ම ස්ත්‍රී දූෂණයට දඩුවම් ලැබිය යුත්තේ දූෂකයාම මිස නූපන් දරුවෙකු නොවන බවය.

දූෂණයට ලක්ව ගැබ්ගත් දරුගැබ විනාශ කර දමන්නට තීරණය කළ අය වුවද පවසන්නේ තමන්ගේ ගැටළු වලට එයින් විසදුම් නොලැබුණු බවය. එසේම තමන් ගත් තීරණය ගන්නට අන් අයට නිර්දේශ නොකරන බවය.

දූෂණයෙන් ලද තම දරුවා හදාවඩා ගන්නට තීරණය කළ බොහෝ කාන්තාවන් පවසන්නේ දූෂණය වීමෙන් ලබන අමිහිරි පසුඅත්දැකීම් වන අවමානය, පීඩනය, වැනි දේවල් අතර ශේෂ වන එකම හොද දෙය වනුයේ තමන් ලැබූ දරුවා පමණක් වන බවය.

ඒ ප්‍රකාශයට නම් ලියානාත් එකගය.

ලියානාගේ විනාශ වෙන්නට ගිය ජීවිතයට, ඇගේ දියණිය අලුත් අරුතක් ගෙන දුන්නාය. දියණියගේ හැම සිනාවක්ම ඇගේ ජීවිතයේ තැවුල් සංකා එකින් එක මකා දැමීය.

ලියානාගේ දියණියට දැන් වයස අවුරුදු විසිතුනකි. ලියානාත් ඇයත් අතර ඇත්තේ දැඩි බැදීමකි. ලියානා අද ධනාත්මක චින්තන දේශිකාවක ලෙසින් ලොව වටා දේශන පවත්වන්නීය. හිංසනයේත්, අපචාර වලත් ගොදුරු බවට පත් වන අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නටත්, ජීවිතයේ වටිනාකම ඔවුන්ට කියා දෙන්නටත් ඇය Loving Life නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන සිටින්නීය.

නිම්මි මුදිතා හේරත්




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  173 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  994 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,041 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,496 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,973 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,813 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,639 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top