Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
"මාස 10ක් බ්‍රැන්ඩස්ගේ අවයව කොටස් පීසා පෙට්ටිවල දාලා අනුභව කළා.." - මීනි මස් කන්නට ගිජු වූ අර්මින්ගේ පිළිකුල් සහගත හෙළිදරව්ව - Photos

- "මාස 10ක් බ්‍රැන්ඩස්ගේ අවයව කොටස් පීසා පෙට්ටිවල දාලා අනුභව කළා.." - මීනි මස් කන්නට ගිජු වූ අර්මින්ගේ පිළිකුල් සහගත හෙළිදරව්ව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,491 Views
මරන්න කලින් පිළිකුල් සහගත වීඩියෝවක් රූගත කරලා..
ජර්මනියේ පමණක් මිනීමස් කන්නන් 800කට වැඩිලූ..
 
මිනිසා කියන "උපකරණය" බෙහෙවින්ම සංකීර්ණ උපකරණයක්. ඒ වගේම අපි දන්න විදිහට සංවේදී උපකරණයක්. ඒත්.. නිකමට හිතන්න! තමන්ගේම වර්ගයේ මිනිහෙක්ව "මරාගෙන කන" එක ගැන ඔබට හිනෙකින්වත් හිතන්න පුළුවන්ද? ඒ වගේ කෙනෙක්ගේ මනස කොයි තරම් විකෘති වෙන්න ඕනිද?
 
CANNIBAL (මිනීමස් කන්නෙක්.) කියන්නෙ මෙන්න මේ විදිහට තමන්ගේ වර්ගයෙන්ම සත්ත්වයෙක්ව ආහාරයට ගන්න තියෙන ආශාව.

1961 දෙසැම්බර් මාසේ පළමුවැනිදා ජර්මනියේ උපන් 'අර්මින් මිවුස්' මේ විදිහේ විකෘති ආශාවන් තිබුණු පුද්ගලයෙක්. සමහරවිට ඒ දේට ඔහුගේ කුඩා කාලයේ අත්දැකීමුත් හේතු වුණා කියලා කියනවා. තනිකඩ ළමා වියක් ගත කරන අර්මින්ගේ දෙමව්පියන් අර්මින් පුංචි කාලේදිම දික්කසාද වෙනවා.
 
මේ නිසාම අම්මා එක්ක වෙනම ජිවත් වුණු ඔහුට පියාගේ ආදරය ලැබෙන්නෙ නැහැ. ඔහු පියාට වෛර කරන 'පුත්‍රයෙක්' බවට පත් වුණා.
 
අර්මින් තමන්ගේ පාපොච්චාරණයේ එක තැනක සඳහන් කරනවා, තමන් හැන්සල් සහ ග්‍රේටල් (Hansel and Gretel) නවකතාවේ එක කොටසකට පිස්සු වැටිලා හිටිය බව. ඒ තමයි හැන්සල්ව කන්න මායාකාරි හැන්සල්ව රවට්ටලා කෑම දීපු හැටි.
 
කොහොම වුණත්, අර්මින් තනි හාදයෙක් වුණේ නැහැ. ඔහුට ඔහු හිතින් මවාගත්තු 'ෆ්‍රැන්කි' නම් සහෝදරයෙක් ඉඳලා තියනවා. මේ 'මවාපෑම' එහෙම නැත්තම් තමන්ගේ සහෝදරයා තමන්ගේ 'හොඳම ඇහුම්කන් දෙන්නා' කියලයි ඔහු හඳුන්වා දෙන්නේ.
 
අර්මින්ට මිනීමස් කන්න, එහෙම නැත්තම් තමන්ගේම වර්ගයේ මිනිසුන්ව අනුභව කරන්න ආසාව ඇතිවෙන්නේ අවුරුදු 12 දී. මේක එක්තරා විදිහක ෆැන්ටසියක් කිව්වොත් හරි. තමන්ගේ හිතමිතුරන්ව අනුභව කරන්න ඔහුට පුදුමාකාර ආසාවක් උපදිනවා.
 
1999 දී අර්මින්ගේ මව මිය යනවා. මේ දෙයින් පස්සේ ආයෙමත් තනිවෙන ඔහු මහා දුකකින් කල් ගෙවූ බවයි කියන්නේ. විදෙස් වාර්තාවල සඳහන් වෙන විදිහට ඔහු අම්මා එක්ක පදිංචි වෙලා හිටපු විශාල බංගලාව ඇතුළේ අම්මට ස්මාරකයක් හදලා එතැන ගුලිවෙලා නිදාගන්න පුරුදු වෙලා තියනවා.
 
අම්මගේ මරණින් පස්සේ අර්මින් නිල් චිත්‍රපට බලන්න හුරු වෙනවා. එතනිනුත් 'වේදනාත්මක' නිල් චිත්‍රපට වලට තමයි ඔහු වඩාත්ම ඇබ්බැහි වුණේ. ඒ අතරතුර ඔහුට හම්බවෙනවා මිනීමස් කන්නන්ගේ සමූහයක්. එහෙම නැත්තම් වෙබ් අඩවියක්. මෙතන ඉන්නෙත් අර්මින් වගේම මිනීමස් කන්න ආස කරපු, ඒ වගේම තමන්ගේ මස් අනිත් පුද්ගලයින්ට රහ බලන්න දෙන්න ආස කරපු මිනිසුන් පිරිසක්.
 
ඉතින් අර්මින් මේ අඩවියේ දැන්වීමක් පළ කරනවා, තමන්ට අවුරුදු 18ත් 30ත් අතර හොඳට වැඩුණු පුද්ගලයෙක්ව ආහාරට ගැනීමට අවශ්‍ය බව කියමින්. මේ දැන්වීමට හුඟක් දෙනා කැමැත්ත පළ කර තිබුණත්, පසුව බොහෝ දෙනෙක් ඒක මඟ අරිනවා. ඔය අතරතුර කැමැත්තෙන්ම තමන්ව ආහාරයට ගන්න කියලා බ්‍රැන්ඩස් කියලා බර්ලින්වල ඉංජිනේරුවෙක් ඉදිරිපත් වෙනවා.
 
2001 මාර්තුවල මේ දැන්වීම පළවුණා වගේම 2001 මාර්තු මාසේ 9 වෙනිදා මොවුන් දෙදෙනා මුල්වරට මුණ ගැහෙනවා. ඉතින් මේ දෙන්නා ඒ හමුව 'ඓතිහාසික එකක්' කරන බලාපොරොත්තුවෙන් පටිගත කිරීමට තීරණය කරනවා. මේ වීඩියෝව සමාජයට මුදා හැරලා නැහැ. නමුත් වීඩියෝවේ තියෙන අප්‍රසන්න බොහෝමයක් දේ ජනතාව කතාබහට ලක් වෙනවා. ඒ දේවල් ඇත්තටම ඔබට මේ විදිහට කියන්නවත් බැරි දේවල්.
 
බ්‍රැන්ඩස් මේ පටිගත කිරීමට කලින් නිදිපෙති හා කැස්සට පාවිච්චි කරන සිරප් එකක් භාවිතයට ගන්නවා. ඒ මහන්සිය ඇතිවෙන්න. ඊළඟට බ්‍රැන්ඩන්ගේ ශිෂ්ණය කපලා ආහාරයට ගන්න අර්මින් සුදානම් වුණත් එය පිසීමේදී ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ශිෂ්ණය අර්මින්ගේ බල්ලාට දුන්නා කියලයි කියන්නේ. පස්සෙ ඒ වෙනකොටත් ශිෂ්ණය අහිමි වුණු බ්‍රැන්ඩස් ක්ලාන්ත වෙනවා. ඒ අධික රුධිර වහනය නිසාවෙනුයි. ඊළඟට බ්‍රැන්ඩස්ගේ අවසරය ඇතිව අර්මින් ඔහුගේ බෙල්ලට පිහියෙන් ඇන ඝාතනය කරනවා.
 
මේ කතාව ඇත්තටම පිළිකුල් සහගතයි. අර්මින් තමන් විසින් මරාදාපු බ්‍රැන්ඩස්ගේ මළසිරුර කොක්කක එල්ලනවා. අනතුරුව මාස 10ක් තිස්සේ බ්‍රැන්ඩස්ගේ අවයව කොටස් පීසා පෙට්ටිවල දාලා අනුභව කළා කියලයි ඔහු සඳහන් කරන්නේ.
 
මේ විදිහට... ආයෙම ඔහු විසින් දෙසැම්බර් මාසේ තවත් දැන්වීමක් පළ කරනවා. ඒ තමන්ට වැඩුණු පිරිමියෙකු අවශ්‍ය බව කියමින්. නමුත් මේ දැන්වීම දකින එක්තරා ශිෂ්‍යයෙක් මේ බව ආරක්ෂක අංශ වලට දැනුම් දෙනවා. ඒ අනුව ආරක්ෂක අංශ අර්මින්ගේ නිවස දැඩි පරීක්ෂාවට ලක් කරනවා. එතනදි අර පිළිකුල් සහගත වීඩියෝ පටයත්, මිනිස් අවයව බොහෝමයකුත් ඔවුන්ට සොයා ගන්න පුළුවන් වෙනවා.
 
2004 ජනවාරි 4 වෙනිදා බ්‍රැන්ඩස්ව ඝාතනය කළ වරදට අර්මින් ට අවුරුදු 8ක සිරදඬුවම් නියම වෙනවා. නමුත් ඉන් අනතුරුව තමන් මේ දේවල් ගැන පසුතැවෙන බව තමයි ඔහු ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම තමන් ඒ ගැන පොතක් ලියන බවත්, තමන්ගේ අඩිපාරේ යන අයට ඒක වැදගත් වේවි කියලත් ඔහු කියනවා.
 
ඒ වගේම වඩා වැදගත් දේ මේ සමූහයන් අතරේ ජර්මනියේ පමණක් මිනීමස් කන්න ලැදි පිරිස් 800ක් පමණ ඉන්නවා කියලා ඔහු හෙළිදරව් කරනවා. සිරගත කළාට පස්සෙ අර්මින් සම්පූර්ණයෙන්ම නිර්මාංශ වුණු බවයි කියන්නේ.
 
2005 ඔහුට එරෙහි පැමිණිල්ල නැවත වතාවක් විභාග කළ අවස්ථාවේ, පැමිණිලි පාර්ශවය විසින් ඔහුට එක එල්ලේ චෝදනා ගොනු කළේ තම ලිංගික ආශාවන් මුදුන්පත් කර ගැනීමට හිතා මතා බ්‍රැන්ඩස්ව ඝාතනය කර අනුභව කරන්නට ඇති බවයි. එමෙන්ම ඔවුන් ඒ සඳහා වීඩියෝ පටයත් සාක්ෂි වශයෙන් යොදා ගත්තා.
 
මේ නිසාම 2006 මැයි මාසේදී ඔහුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා.
 
කොහොම වුණත්, මේ කතා පුවත ආශ්‍රයෙන් විවිධ නිර්මාණ, ඒ කියන්නේ චිත්‍රපටි, රූපවාහිනි කථාමාලා සහ වේදිකා නාට්‍ය එහෙමත් බිහිවෙලා තියනවා.
 
චිත්‍රපටි - An Appetite for Bernard Brady
Cannibal (2006) (කිහිපයක් පමණි.)
 
රූපවාහිනි කතා මාලා - The IT Crowd
Rake
Body Shoc
Hannibal (කිහිපයක් පමණි.)
 
Credit:Tech වැද්දා




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,069 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,485 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  798 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,934 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top