බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ, වඳුරඹ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පසුගිය 12 වනදා පැවති සාදයකදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී රිවෝල්වරයක් පෙන්වා මරණ තර්ජන සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළවයි.
58 හැවිරිදි සැකකාර සභාපතිවරයා අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.