Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
ගෙල සිරකර මිලේච්ඡ ලෙස සිය දරුවා ඝාතනය කළ අම්මා අත් දෙක කපා ගනී

- ගෙල සිරකර මිලේච්ඡ ලෙස සිය දරුවා ඝාතනය කළ අම්මා අත් දෙක කපා ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,761 Views
සැමියාගේ අනියම් සම්බන්ධයක් ඇති බව කියලා..
"මට නං බෑ ඔය ගෙදරට ආයෙත් යන්න..."
මරණ පරීක්ෂණයේදී හෙළි වූ දේ..
 
සැමියා හා බිරිය අතර ඇතිවන ආරවුල් වලට හය හතර නොදත් කිරි සප්පයින් පළි යයි සිතා ඔවුන්ගෙන් පළිගැනීම ශිෂ්ඨ සම්පන්න ජන සමාජයක සිදු වේ නම් එය අනුමත කළ හැක්කේ කාටද?

සැමියා හා බිරිය අතර ඇති වූ එවන් ආරවුල් නිසා මව විසින් දරුවකු ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගියදා කොළඹ මෝදර පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.
 
පොලිස් පොතේ සටහන් වන අන්දමට සිද්ධිය මෙසේ යි.

හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 'මුත්තුලිංගම් සොලෝසනා' යමක් කමක් ඇති පවුලක 28 හැවිරිදි වියේ පසු වූ දියණියක්.
 
ගැහැණු දරුවන්ම සිව් දෙනෙකුගෙන් යුත් මේ පවුලේ පියා නොමැති අතර එක් සහෝදරියක් රැකියාව කරන්නේ ජර්මනියේ යි. සොලෝසනාට උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා වෙහෙසුන මව කොළඹ, මෝදර, අළුත් පාර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දියණිය සමඟ පදිංචියට පැමිණ කොළඹ උසස් පාසලකට ඇය ඇතුළත් කළා.
 
යොවුන් වියට එළඹුණ සොලෝසනාට 'මල්සරාගේ බැල්ම'ද නොඅඩුවම වැටුණු අතර ඇගේ හිත ගත්තේ කොළඹ, දෙමටගොඩ, බේස්ලයින් පාර ප්‍රදේශයේ තරුණයෙක්.
 
ඔහු 30 හැවිරිදි 'දිලිප් කුමාර්'. ඉගැනුමට දක්ෂතා දැක්වූ සොලෝසනා උසස් පෙළ සාර්ථක කර ගැනීමෙන් පසුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ වරම්ද හිමි කර ගැනීමට තරම් වාසනාවන්ත වුණා.
 
එහෙත් ඇගේ පෙම්වතා වන දිලිප් කුමාර් වැඩිදුර අධ්‍යාපනයට යොමු වූයේ නැහැ. ඇය ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් ද හාදාරා තම දැනුම තව දුරටත් පෝෂණය කරගෙන සරසවියෙන් පිට වී මෙරට ප්‍රධාන පෙළේ දෙමළ ජන මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී රැකියාවක්ද සොයා ගත්තා.
 
අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් දිලිප් කුමාර් රැකියාව ලෙස තෝරා ගත්තේ ටැංකි බෑමයි. එනම් වරායේ නැව් වලින් බඩු බෑමයි. ඔහුට ස්ථිර රැකියාවක් නොලැබුණු අතර ලැබෙන ඕනෑම කුලි වැඩකද නිරත වීමට ඔහු පසුබට වුණේ නැහැ. කාලය දින සති මාස ගණනින් ගෙවී යද්දි මේ දෙදෙනාගේ ආදර කතාවට වසර අටක් ගත වී තිබුණා.
 
ඔවුන් දෙපළ එක වහලක් යටට වන්නේ මේ කාලයේදීයි. ඉතා ඉහළින් විවාහ මංගල උත්සවය පැවත් වූ බැවින් දිලිප්ට ඒ සඳහා විශාල මුදලක් ණය වීමට සිදුව තිබුණා.
 
සතුටින් කාලය ගත කළ යුවළ එකිනෙකාට බොහෝ සෙයින් ආදරය කළා. වසරකට පමණ පසු ඇයට දරුවෙකු ලැබෙන ලකුණු පහළ වූයේ ඔය අතරතුරයි.
 
සොලොසනාගේ දරු ගැබට මාස හතක් පමණ වන විට දිලීප් ගේ යම් වෙනසක් සිදු වී ඇති බව ඇයට වැටහුණා. ඔහු වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන යැයි ඇය සැක පහළ කළා. මේ නිසා දෙදෙනා අතර නිතර වචන හුවමාරු වුණා.
 
මේ අතර මඟුල් ගෙදරට වියදම් කිරීමට ගත් ණය ඉල්ලා ණයකාරයින් එන්නට ද පටන් ගත් හෙයින් ඇගේ සිතට තව වේදනාවක් එකතු වුණා. කේසේ හෝ මේ හැලහැප්පීම් දුක් කරදර මැද ඇය ගැහැණු දරුවකු ප්‍රසුත කළා. මේ දියණිය 'ක්‍රිස්නියා' නම් වුණා.
 
දරුවා ලැබුණු පසු සොලොසනා ගේ මව, බිළිඳිය හා දියණිය මෝදර තම කුලී නිවසට එසේ කැඳවා ගත්තා. දිලිප්කුමාර් ද එම නිවසේ නැවතී රැකියාවට ගිය අතර 'සොලෝසනා' මේ වන විට සිටියේ නිවාඩු ලබමිනුයි.
 
මාසයක් පමණ නිවසේ කාලය ගත කරන විට දිලිප් කුමාර් සොලෝසනාට පැවසුවේ දෙමටගොඩ තම නිවසට යා යුතු බවයි.
 
"මට නං බෑ ඔය ගෙදරට ආයෙත් යන්න.. ණයකාරයෝ පෝලිමට එනවා.. මට ලැජ්ජාවේ බෑ.."
 
සැමියාගේ නිවසට යාම එලෙස ඇය තදින්ම ප්‍රතික්ෂේප කළා. ඇගේ මෙම වචනත් සමඟ ඔවුන් අතර ආරවුල උග්‍ර අතට හැරුණා.
 
සැමියා තමාට නැවත නැවත දෙමටගොඩ නිවසට යාමට බල කර සිටි නිසා අවසානයේ ඔහුගේ වචනයට පිටු නොපෑ ඇය දරුවා සමඟ සැමියාගේ නිවසට යාමට සුදානම්ව නිවසින් එළියට පැමිණෙන විටම එම ගමන වැළැක්වූ ඇගේ මව පවසා සිටියේ සැමියා සමඟ ඔහුගේ නිවසට නොයන ලෙසයි. ඒ සිද්ධියත් මුල් කරගෙන මේ අඹු සැමියන් අතර බහින්බස් වීම තව දුරටත් අළුත් වන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමුවාක් වැනි ලෙසයි.
 
පසුදින පුරුදු ලෙස දිලිප් කුමාර රැකියාවට යන අතර සොලෝසනා අනතුරුව නිවසේ සිටියේ කළකිරීමකිනුයි. මවගේ වචනයට මෙන්ම සැමියාගේ වචනයට ද ඇයට එකඟ නොවී සිටිය නොහැකියි.
 
සැමියා සිටින්නේ නිතරම තමා සමඟ රණ්ඩුවකට පැටලෙන්න බලාගෙනයි. මවගේ සෙවණේ තමන්ට ඇති තරම් ආරක්ෂාව ඇතත් ඔහුගෙන් ගැලවී සිටිය නොහැකියි. කළ යුත්තේ කුමක්දැයි සිතමින් සොලෝසනා දෙලොවක් අතර පසුවුණා.
 
පසුගිය මාසයේ 15 දා දහවල් එකහමාරට පමණ සොලෝසනාගේ මව බැංකුවට යන බව පවසා නිවසින් පිට වුණා. දරුවා වඩාගෙන ඇය කල්පනා කරන්නට වුණා.
 
ඇගේ නෙත ගැටුණේ මේසය මත තිබූ මාසයකට තමන්ට ලබා දී තිබූ 'යකඩ පෙති' ටිකයි. කාඩ් දෙකක තිබූ පෙති තිහක් පමණ එක වරම ඇය පාලනය කළේ හිතේ තිබූ ආවේගය පාලනය කරගැනීමට නොහැකිවයි. හවස හයට පමණ මව නිවසට පැමිණ බලන විට දුටුවේ තම දියණිය ලේ පෙරාගෙන ඇඳ මත වැටී අවසිහියෙන් මෙන් දඟලමින් සිටින බවයි. මිණිපිරියද හැල හොල්මනක් නැත. සිදු වී ඇත්තේ කුමක් දැයි සිතාගත නොහැකි වූ මව මේ ගැන ඇගෙන් විමසද්දි සොලෝසනා මවට පැවසුවේ තමා යකඩ පෙති බී දරුවාට කිරි දුන් බවයි.
 
මව හැකි ඉක්මනින් දියණිය හා මිණිපිරිය ජාතික රෝහලට ඇතුළත් කරන්නේ මේ අනුවයි. ඒ වනවිට මාස එකහමාරක් වයසැති 'ක්‍රිස්නියා' මිය ගොස් සිටියා.
 
මෝදර පොලීසියට මෙම තොරතුර ලැබෙන්නේ කොළඹ ජාතික රෝහල් පොලීසිය මඟිනුයි. මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක කුමාර මහතා ගේ උපදෙස් මත මෙහි විමර්ශන බාර දෙන්නේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ගයා කදිරංග මහතාට යි. යකඩ පෙති පානය කර මව් කිරි දීමෙන් දරුවෙකු මිය නොයන නිසා පොලීසිය මුල සිටම මෙම මරණය ගැන සැක පහළ කළේ සිද්ධිය වූ අවස්ථාවේදී මවගේ හැසිරීමේ වෙනස්කම් ද සැලකිල්ලට ගනිමිනුයි.
 
මියගිය බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින පැවැත්වූයේ කොළඹ ජාතික රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි රාහුල් හක් මහතා විසිනුයි.
 
එහිදී අනාවරණය වූයේ ගෙල සිරකිරීමෙන් හා නාසය හා මුඛය අවහිර වීමෙන් මෙම බිළිඳු මරණය සිදු වී ඇති බවයි. මේ අනුව මෙය ඝාතනයක් බවට නිගමනය කෙරුණා.
 
සිදු වී ඇති සියල්ල අනාවරණය වූයේ ඉන් අනතුරුවයි. මව බැංකුවට ගිය පසුව 'යකඩ පෙති' සියල්ල පානය කළ සොලෝසනා සිය දරුවාට කිරි දෙන්නේ දරුවා සමඟ මිය යාමේ බලාපොරොත්තුවෙනුයි. එහෙත් ඇය බලාපොරොත්තු වූ ලෙස දරුවා හෝ ඇය මිය ගියේ නැහැ.
 
ඉන්පසු ඕ දරුවාගේ ගෙල සිරකගෙන දරුවා තම ඇඟට තද කරගෙන නින්දට වැටුණා. ඇය දරුවා මියගොස් ඇති බව දැනගත්තද තමා මිය නොගිය නිසා බ්ලේඩ් තලයකින් තමන්ගේ දෑතම කපා ගත්තා. ලේ ගලන තුවාල සහිතව සිටි ඇය හා බිළිඳියගේ මව විසින් රෝහල් ගත කරන්නේ මේ අනුවයි.
 
ක්‍රිස්නියාගේ මව වන විසි අට හැවිරිදි සොලෝසනා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් මතයි.
 
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 03 වැඩ බලන මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
 
පසුගිය අගෝස්තු 20 වන දින මෙම නඩුව නැවත කැඳවූ අතර සොලෝසනා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කරනු ලැබුවා. ඒ අනුව සැකකාරිය අංගොඩ මානසික රෝහලට ප්‍රතිකාර පිණිස යොමු කෙරුණා. සැප්තැම්බර් 3 වන දින පැවති නඩු වාරයේදී මියගිය දරුවාගේ පියා සාක්ෂි දුන්නා.
 
දරුවාගේ මරණය පෙර මවගේ මානසික තත්ත්වය පිළිබඳවද වාර්තාවක් ලබා දෙන ලෙස පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම වාර්තාව සලකා බලා තීන්දුවක් දීම අද දිනට (17) කල් තැබුවා.
 
වීනිතා මානෙල් ගමගේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  81 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,061 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,477 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  187 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  450 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  796 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  574 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,927 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  338 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top