අභිනව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මන්ත්‍රී ධුරවල දිවුරුම්දීමට නියමිතයි.
ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ශාන්ත බණ්ඩාර, එම සන්ධානය නියෝජනය කරන ඩී.බී. හේරත් සහ මනෝජ් සිරිසේනයි.
පුරප්පාඩුව පවතින එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යළි නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු සන්ධාන ලැයිස්තුවේ මීළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටි ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණේ හිස් වූ මන්ත්‍රී ධූරයට මනාප ලැයිස්තුවෙන් පත්වීම සඳහායී.
එහෙත් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් එම ධූරයට හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.එම්.ඩී.බී. හේරත් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තා.
මේ අතර, චන්ද්‍රසිරි ගජධීරගේ අභාවයෙන් පසු පුරප්පාඩුව පවතින මාතර දිස්ත්‍රික් නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන පත් කෙරුණා.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සහ වෙනත් කටයුතු අද පෙරවරුවේ අවසන් කරන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.