Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
රිය අනතුරකින් මිය ගියායැයි, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ගිය මිනී මැරුමක් ගැන පිපිරුණු හිස්කබලේ සාක්ෂියෙන් හෙළිකරගත් හැටි

- රිය අනතුරකින් මිය ගියායැයි, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ගිය මිනී මැරුමක් ගැන පිපිරුණු හිස්කබලේ සාක්ෂියෙන් හෙළිකරගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,663 Views
පිටුපස හිස් කබල පුපුරාගොස් තිබුණා......
 
මොළය ඇතුළේ විශේෂ වර්ගයේ තුවාල කිහිපයක්......
 
ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි.

සුගතපාල හැට හැවිරිදි වියේ පසු වූ අයෙකි. දරුවන් පස් දෙනකුගේ පියෙකු වූ සුගතපාල වතු ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි දුෂ්කර ගම්මානයක පදිංචිව සිටියේය. සුගතපාලගේ දරුවන් විවාහ වී සිටියහ. මේ නිසා නිවසේ සිටියේ සුගතාපල හා බිරිඳ පමණි. සුගතපාල අසල තිබූ තේ කර්මාන්ත ශාලාවක මුරකරුවකු ලෙසද සේවය කළේය. ඔහු අත නිරතුරුවම විදුලි පන්දමක් තිබුණේය. ඒ මුරකරුවකු ලෙස රැකියාව කළ බැවිනි. රාත්‍රි කාලයට තේ කම්හලේ රැකියාවට යන සුගතපාල යළි නිවසට එන්නේ උදෑසනය.
 
සුගතපාලගේ නිවසේ සිට කිලෝ මීටර්යක් පමණ දුරින් තේ කම්හල පිහිටා තිබුණේය. සුගතපාල බෝහෝ අවස්ථාවල තේ කම්හලේ මුර රක්ෂාවට ගියේ පාගමනිනි. අතැම් දිනවල ඔහු පාපැදියෙන්ද රැකියාවට ගියේය. සුගතපාල ඔහු පදිංචිව සිටි ගම්මානයේ ජනප්‍රිය පුද්ගලයෙකි. මෙකී ගම්මානයේ ගොක් කොළයක් අදින තැනක බෙර පදයක් ගහන තැනක සුගතපාල සිටියේය. සුගතපාල කලාකාමි කටයුතු වලට දැඩි කැමැත්තක් දැක්විය. ඒ කාලයේ ගම්මානවල ටීටර්මඩු පැවැත්විණි. ටීටර් පෙන්වීම සඳහා මූලිකත්වය ගත්තේද සුගතපාලය. මේ නිසා ටීටර් සුගතපාල ලෙස ඔහුට නමක්ද පට බැඳී තිබුණේය.
 
සුගතපාල නිරතුරුවම සිටියේ සිනහමුසු මුහුණිනි. ඔහුගේ කොණ්ඩය තද සුදුපැහැගැන්වී තිබුණේය. මේ නිසා ගමේ කොල්ලෝ කුරුට්ටන් සුගතපාලට සුදු සීයා ලෙස විහිළු තහළු ද කළේය. එක්දිනක තේ කම්හලේ මුර රක්ෂාවට ගිය සුගතපාල පසුදින උදෑසන යළි නිවසට පැමිණියේ නැත. සුගතපාලගේ බිරිඳ හින්නිහාමි ඔහු එනතෙක් මග බලාගෙන සිටියාය. සුගතපාල පාරේ වැටිලා සිටියදී රෝහල්ගත කොට ඇති බව හින්නිහාමිට දැන ගැනීමට හැකිවූයේ මේ අතරතුරේදිය. සුගතපාල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටියේය. සුගතපාලගේ හදිසි වියෝවය හින්නිහාමිට දරාගැනීමට නොහැකිවූවාය. අනේ මගේ මහත්තයා කුරා කූඹියෙකුටවත් වරදක් කරන අයෙක් නෙවෙයි. දන්න තරමින් ඔහුට තරහ කාරයෝ හිටියේ නැහැ. හින්නිහාමි දෑත් හිසමතට තබාගෙන විලාප දුන්නාය.
 
සුගතපාලගේ අභිරහස් මරණය පිළිබඳ ඒ වනවිට ගමපුරා ලැව් ගින්නක් ලෙස පැතිරිගොස් තිබුණි. සුගතපාල රිය අනතුරකට ලක්වීමෙන් මියගියාද?, නැතිනම් කිසිවෙකු විසින් මොහුට පහර දුන්නාද? සුගතපාල මරා දැමුවාද යන්න කොයිකාටත් ප්‍රශ්නයක්විය. සුගතපාලට තරහකරුවන්ද සිටියේ නැත. හේ ගම්මුන් සමග ඉතා සුහදව කටයුතු කළ අයෙකි. සුගතපාලගේ බිරිඳ මෙන්ම දරුවන්ද විශ්වාස කළේ ඔහු රිය අනතුරකට ලක්ව මිය යන්නට ඇතැයි කියාය. සුගතපාල මාර්ග අනතුරකට ලක්කොට අනතුරට ලක්වූ රථය පලාගිය බවටද ඇතැමුන් කියන්නට වූහ. එහෙත් සිද්ධිය ඇසින් දුටු කිසිවෙක් නොවූහ.
 
සුගතපාලගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විසින් කරණු ලැබීය. අධිකරණ වෛද්‍යවරයා විසින් සුගතපාලගේ සිරුර බාහිරව පරීක්ෂා කළේය. ඔහුගේ නිකටට යටින් කුඩා තුවාලයක් දක්නට ලැබුණි. සිරුරේ වෙනත් කිසිදු ස්ථානයක කිසිදු තුවාලයක් දක්නට නොවීය. ඉක්බිති අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විසින් සුගතපාලගේ හිස් කබල විවෘත කිරීමට කටයුතු කළේය. හිස්කටුවේ හමට යටින් ලේ ගලාගොස් තිබුණි. පිටුපස හිස් කබල පුපුරාගොස් තිබුණේය. මොළය ඇතුළේ විශේෂ වර්ගයේ තුවාල කිහිපයක් දක්නට ලැබුණි.
 
මොළයේ ගැටිතිවල තිබූ තුවාලවල ලක්ෂණවල අනුව සුගතපාල පිටුපසට වැටී ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණය විය. එහෙත් සුගතපාලගේ නිකටේ තිබූ තුවාලය මුණින් අතට වැටීමකින් සිදුවිය නොහැකි බවට අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ නිගමනය විය. එසේනම් නිකටේ තුවාලය ඇතිවිය හැක්කේ කෙසේද? ඉදිරිපසින් පැමිණි වාහනයක වැදි මොහු උඩුබැලි අතට වැටිය හැකිය... නොඑසේනම් සුගතපාල මාර්ගයේ ගමන් කරමින් සිටියදි ඔහුට යම්කිසි අයෙකු පහරදුන්විට මේ අයුරින් මුණින් අතට වැටිය හැකිය. ඉදිරිපසින් යම් කිසි තල්ලූවක් පැමිණිවිට සුගතපාල උඩුබැලි අතට මාර්ගයේ වැටුණු බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. එම වැටීමේදි ඔහුගේ මොළයට වූ බහුවිද තුවාල නිසා මරණය වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා තින්දු කළේය.
 
පශ්චාත් මරණ පරීක්ෂණය මගින් හෙළිකරගත් තොරතුරු අනුව පොලීසිය විසින් මේ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. සුගතපාල මියගියේ රිය අනතුරකින් නොවන බවට ඒවනවිටත් අනාවරණය වෙමින් තිබුණි. පොලිසිය විසින් මේ පිළිබඳ ඉතා සූක්ෂම ලෙස පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. තේ කම්හලේදි සුගතපාල ඇසුරුකළ අය පිළිබඳ ඉතා රහසිගත ලෙස පොලිසිය විසින් තොරතුරු සොයන්නට වූහ. සුගතපාල ඉඳහිට මත්පැන් වීදුරුවකින් සප්පායම් වූයේය. එහෙත් ඔහු පුරුද්දක් වශයෙන් මත්පැන් පානය කළේ නැත. සුගතපාල සිය රාජකාරිය දේව කාරියක් ලෙස සැලකූ අයෙකි. එක්දිනක් රාත්‍රි සුගතපාල තේ කම්හලේ මුර රක්ෂාවේ නිරතව සිටියේය. තේ කම්හල දෙසින් ශබ්දයක් ඇසෙන්නට විය. සුගතපාල විදුලි පන්දමද ගෙන ඒ ගැන විපරම්කොට බැලූවේය. තේ කම්හල තුළ අයෙකු විය. ඔහු මේ කම්හලේ කම්කරුවකු ලෙස රැකියාව කරන අයෙකු බව සුගතපාල හඳුනාගත්තේය. මොහු අත පැකට්කොට තිබූ තේ පාර්සල් කිහිපයක්ද විය. අනේ සුගතපාල අයියේ මාව පොලිසියට අල්ලා දෙන්න එපා මොහු බැගෑපත් වූයේය. එහෙත් සුගතපාල නීතිය අකුරටම ක්‍රියාත්මක කළේය. ඔහු මේ ගැන පොලීසියට දන්වා සැකකරු පොලීසියට අල්ලා දුන්නේය. පසුව මොහු බන්ධනාගාරගතව සිට නිදහස් විය. මේ සිද්ධියට මොහු සුගතපාල සමග දැඩි වෛරයෙන් පසුවිය.
 
එක්දිනක් සුගතපාල මාර්ගයේ ගමන්කරමින් සිටියේය. මෙකී පුද්ගලයා යතුරු පැදියකින් තවත් අයෙකු සමග සුගතපාල ගමන් කරන දිශාවට යතුරුපැදිය ධාවනය කරන්නට විය. යතුරුපැදිය පැදවූයේ මොහුගේ මිතුරාය. ගතවූයේ නිමේෂයකි. යතුරුපැදියේ පිටුපස වාඩි වී සිටි මොහු පොල්ලකින් සුගතපාලගේ හිසට දෑතබදා පහර දුන්නේය.. ඒ සමග බුදු අම්මෝ යනුවෙන් කෑගසමින් සුගතපාල මාර්ගයේ ඇදවැටුණේය.. පසුව අසල්වාසීන් පැමිණ බලනවිට සුගතපාල උඩබැලි අතට වැටී සිටියේය.. ඔහු රෝහලට ඇතුළත් කොට සුළුවේලාවකට පසු මියගියේය. සුගතපාලට පොල්ලක් වැනි දෙයකින් පහරදි ඇති අතර ඒ සමග ඔහු උඩුබැලි අතට වැටී ඇති බව පසුව අනාවරණය විය. පුද්ගලික ආරවුලක් නිසා මෙම පහරදීම වී ඇති බවට පොලිසිය විසින් පසුව අනාවරණය කරගනු ලැබීය.
 
"දිවයින"
ලලිත් චාමින්ද
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  605 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  144 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  98 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,179 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,113 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,774 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,566 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,817 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,060 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,447 Downloads



Top 10 Commenters

Latest Comments

Top