එම කොට්ඨාසය මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම් සිදුකර ඇති බවත් සදහන්.
මෙම ගණිකා මධ්‍යස්ථාන දෙක නිවාඩු නිකේතනයක් සහ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළි වූ බව ද එම කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 24ත් 49 ත් අතර වයසේ පසුවන කොළඹ, කඩවත, හබරාදුව, ජාඇල, ඇඹිලිපිටිය, පරකඩුව, තිස්ස වරාවැව, මීගලෑව යන ප්‍රදේශවල පදිංවිකරුවන් බවද පැවසේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.