ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ පසු අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයෙන් හෝ ද්වේශ සහගත ලෙස හෙළා දකින අයුරින් සිදුකරන ප්‍රකාශ ෆේස්බුක් හරහා ප්‍රචාරය වීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමගද පසුගියදා සාකච්ඡා කළ බවයි.
ඒ අනුව එවැනි සිදුවීම් පිළිබඳව මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි ෆේස්බුක් සමාගම වෙත දැනුම් දෙන අතර, ඔවුන් එම ගිණුම් අත්හිටුවීමට පියවර ගනු ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.