ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්.බී. දිසානායක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔවුන් මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ මාතලේ පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගන්නා බවයි.
නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සඳහන් කළේ තමන්ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැති බවයි.