අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරියකට ආධාර ඉල්ලා ව්‍යාජ ටිකට් පත් මුද්‍රණය කර අලෙවි කිරීමේ නිරතවූ තරුණයන් දෙදෙනෙකු බලංගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලංගොඩ පොලීසියට ලද තොරතුරක් මත ඊයේ එම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි බලංගොඩ පොලීසිය සඳහන් කළේ.
ජනතාවට පීඩාවන ආකාරයෙන් බලහත්කාරයෙන් අදාළ ටිකට් පත් අලෙවි කිරීමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා බලංගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.