සෞදි අරාබි රජය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවල වගකීම යේමනයේ හවුති කැරළිකරුවන් භාරගෙන තිබෙනවා.
එම කැරළි කණ්ඩායමේ ප්‍රකාශක යාහියා සාරි, යේමනයේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ යේමනය තුළ අඛන්ඩව ගැටුම් පැවතුනහොත් ඉදිරියටත් එවැනි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සෞදි රජයට ඇති එකම විකල්පය වන්නේ යේමනයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීම බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන් විසින් මෙලෙස ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර තිබුණේ සෞදි රජය සතු විශාලතම තෙල් ගබඩා පර්යන්තය වන ඇබ්ක්වයික් තෙල් ගබඩා පර්යන්තයට සහ කුරායිස් හි පිහිටි තෙල් ගබඩා පර්යන්තයටයි.