නිවසින් අතුරුදන් වූ දැරියක් තම පෙම්වතා සමග මිරිස්‌ස ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී එහි කළමනාකරු විසින් ඔවුන් දෙදෙනා 11 වැනිදා කොටවිල පොලිසියට භාරදී ඇත.
තණමල්විල සූරියආර උදාකල ගම්මානයේ පදිංචි අටවන වසරේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි තම දියණිය ඉකුත් 7 වැනිදා රාත්‍රි නිවසින් අතුරුදන්වී ඇති බවට මව විසින් තණමල්විල පොලිසියට පැමිණිලිකර තිබිණි.
අහංගම කරන්දුගොඩ, කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි පෙම්වතා සමග ගොස් ඇති දැරිය පෙම්වතා සේවය කරන මිරිස්‌ස ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ඔහුට නතරවී සිටීමට දී ඇති කාමරයේ බාලවයස්‌කාර දැරියක් සමග සිටින බවට හෝටලයේ කළමනාකාරවරයා දැන ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාව මෙසේ පොලිසියට භාරදී ඇත.
කොටවිල පොලිසිය මගින් දැරිය හා ඇයගේ පෙම්වතා තණමල්විල පොලිසියට භාරදීමෙන් අනතුරුව දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර තරුණයා, දැරිය නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම දැරියගේ ප්‍රකාශයන් අනුව ස්‌ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව සැප්තැම්බර් 19 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තණමල්විල පොලිස් ස්‌ථානාධිපති චින්තක පනාවෙල මහතා පරීක්‍ෂණ පවත්වයි.
"දිවයින"
රවිඳු ගුණතිලක