සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සෞදි රජය සතු විශාලතම තෙල් ගබඩා පර්යන්තය වන ඇබ්ක්වයික් ඉහළින් විශාල දුමාරයක් සහ ගිනි ජාලා පවතින බවයි.
කුරායිස් හි පිහිටි තෙල් ගබඩා පර්යන්තයට අනෙක් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති අතර එහි හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාර දෙක දියත් කර ඇති බවට සැක පළ කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.